පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදීම අද සිට

0
20


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට නිවෙස් වෙත බෙදාහරින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ නිල ඡන්ද පත්‍රිකා තේරීම්භාර නිලධාරීන් මගින් අද දිනයේ භාර ගන්නා බවයි.  

ඒ අනුව ඔවුන් විසින් එක් දිස්ත්‍රික්කයකට එක් ස්ථානයකට බැගින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදෙනු ලබනවා. 

ඉන් අනතුරුව එම නිල තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ තැපැල් කාර්යාල වෙත අද දිනයේම බෙදා හැරීමෙන් අනතුරුව තැපැල්කරුවන් මඟින් ඒවා ගෙයින් ගෙට ගොස් භාරදෙන බවයි ඔහු කියා සිටියේ. 

තැපැල්කරුවන් විසින් අදාළ නිල ඡන්ද පත්‍රිකා ලබන 29 වනදා දක්වා බෙදාහරිනු ලබනවා. 

එතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට තමන්ට අයත් තැපැල් කාර්යාල වෙත පැමිණ සිය අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරගත හැකි වනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here