චමරිට ලංකාවටත් ගෞරවයක් ලැබෙන තනතුරක්

0
3

සටහන – නිෂ්මං රණසිංහ

අප්‍රේල් 16, LNW (කොළඹ): ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය හෙවත් World Cricketers Association (WCA) (පෙර හැඳින්වූයේ FICA ලෙසයි) යනු ලොව පුරා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් නියෝජනය කරන ප්‍රධානතම ජාත්‍යන්තර ආයතනයයි. මෑතකදී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු මෙහි ක්‍රීඩක උපදේශක මණ්ඩලයට (Player Advisory Board – PAB) තේරී පත්වීම ද විශේෂත්වයකි.

මෙය චමරි තනිව අත්කර ගත් ජයග්‍රහණයක් නොවේය.මෙම ගෞරවය රටම ලද එකකි.චමරි රටට දිනා දුන් එකකි.කවුරුත් චමරි එච්චර වටින කෙනෙක් වුනේ කොහොමද කියන එක ගණන් හදන බවක් පෙනෙන්නේ නැහැ.ඒත් චමරි ලෝකය දැනගන්නට ගන්නේ සහ විශ්වාස කරන්නට ගන්නේ ඉතා මෑත කාලයේදී.ඒ වන විටත් ඇය ඇයගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය විශාල ප්‍රමාණයක් ගෙවා අවසන්ව තිබුණා.
මෑත කාලයේ ඇයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරග කරන්නට ලැබුණු අවස්ථා වැඩිවීම නිසා නිතර නිතර ඇයගේ දස්කම් කියවෙන්නට ගත්තා.ඊට පෙර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නොදුන් ඉඩක් වර්ථමානයේ ඔවුන් වෙනුවෙන් විවර කර තිබෙනවා.චමරිගේ ක්‍රිකට් දත්ත ඇතුළත් පිටුව පහතින් තිබෙනවා.එය නිරීක්ෂණය කිරීමේදී චමරිගේ ක්‍රිකට් ජීවිතයේ ඇය ක්‍රීඩා කර ඇති තරග ප්‍රමාණය කොතෙක්ද කියා දැන ගන්නට හැකියි.එසේම ඒ තරග ප්‍රමාණය කිනම් වර්ෂයක සිට ඉහළ ගොස් ඇද්ද යන කාරණයත් පැහැදිළි කර ගැනීමට හැකියි.
https://bit.ly/4epBbu9

ලෝකයේ අවධානය ලැබෙන තරමට ඇයගේ නම මතකයේ ඇලෙන තරමට නිතර කියවෙන්න ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට නිතර නිතර ජාත්‍යන්තර තරග ලැබුණ නිසයි.නිතර ලැබෙන තරග අත්දැකීම් නිසා චමරිගේ දක්ෂතා ගැන නිතර කියවෙන්න වගේම ඇයටත් සිය දක්ෂතා ලෝකය සමඟ පාහමින් වර්ධනය කර ගන්න ලැබුණා.මේ ඇත්ත ඇතුළෙ ලෝකයට වඩාත් චමරිව විවර වුණා.ඇයව දක්ෂයෙකු ලෙස හඳුනාගත්තා.අවධානය ඇයගේ පැත්ත හැරවෙන මට්ටම විශාල වුණා.
ඒ නිසා චමරි පමණක් නොවේ අද හර්ෂිතා සමරවික්‍රමගේ සිට අවුරුදු 19 න් පහළ නායිකාව චමුදි ප්‍රබෝධා (බට්ටි) දක්වාම ලෝකය අවධානයෙන් ඉන්නවා.ආසියානු කුසලානය ලෝක සූරතාවයක් දිනා ගන්න තරමට ප්‍රබල ඉන්දියාවට එරෙහිව දිනා ගන්න තරම් චමරිගේ නායකත්වය,හැකියාව වගේම ක්‍රීඩිකාවන්ගේ ශක්තීන්ද වැඩි දියුණු වී ඇත්තේ වැඩි භාවිතාව නිසා ඊට ලැබෙන අවස්ථා නිසයි කියන කාරණය නිවැරදියි.
චමරි පමණක් නොවේ පහත පත්කිරීම් සමබන්ධයෙන් විමසා බලන විට අලුතින් පත් වූ තවත් අයත් දැක ගන්නට ලැබෙනවා.

  1. චමරි අතපත්තු (ශ්‍රී ලංකාව) – අලුතින් පත් වූ
  2. රෂීඩ් ඛාන් (ඇෆ්ගනිස්ථානය) – අලුතින් පත් වූ
  3. ඩැරිල් මිචෙල් (නවසීලන්තය) – අලුතින් පත් වූ
  4. වේන් මැඩ්සන් (ඉතාලිය/ඩර්බිෂයර්) – අලුතින් පත් වූ
  5. පැට් කමින්ස් (ඕස්ට්‍රේලියාව)
  6. හෙදර් නයිට් (එංගලන්තය)
  7. ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්)
  8. සුනේ ලූස් (දකුණු අප්‍රිකාව)
  9. ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)
  10. සයිමන් කැටිච් (ඕස්ට්‍රේලියාව)

මේ කාරණය හිතුවට වඩා ප්‍රබලයි.ඔවුන් ගෝලීය වශයෙන් ක්‍රිකට් ප්‍රවර්ධනයට දක්වන දායකත්වය විශාලයි.පහක කාරණාවලින් එය පැහැදිළි කර ගැනීමට පහසුයි.
• ගෝලීය කාලසටහන්: ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සහ දේශීය ලීග (T20 Leagues) අතර පවතින ගැටුම් අවම කර සමබර කාලසටහනක් නිර්මාණය කිරීමට උපදෙස් දීම.
• ප්‍රතිපත්ති සම්පාදනය: ක්‍රීඩක කොන්ත්‍රාත්තු, සේවා තත්ත්වයන් සහ වාණිජ ව්‍යුහයන් පිළිබඳව ක්‍රීඩකයන්ගේ පැත්තෙන් අදහස් ලබාදීම.
• ක්‍රීඩක සුභසාධනය: ක්‍රීඩකයන්ගේ සේවා බර (Workload Management) සහ මානසික සෞඛ්‍යය වැනි කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා පාලක මණ්ඩල සමඟ සාකච්ඡා කිරීම

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්හී අවධානය තව දුරටත් පුළුල් කිරීමට හැකිනම් මේ ව්‍යහුය විසින්ම සකස් වී තිබෙන වාණිජ උපදේශක මණ්ඩලය වැනි ව්‍යාපාරික සහ වාණිජ ක්ෂේත්‍රය නියෝජනය කරමින් අලුතින් එක් වූ පිරිසගෙන් විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවන්ට උපදෙසක් ලබා ගැනීමට මැදිහත්වීමක් කළ හැතියි.වානිජමට වශයෙන් ක්‍රීඩකයාගේ භූම්කාව වඩාත් උසස් මට්ටමකට ගෙන ඒමට එම උපදෙස් වැදගත්වීම නිසැක වන අතර පහතින් දක්වා ඇත්තේ වානිජ උපදේශක මණ්ඩලයයි.
• ජුඩිත් ග්‍රිග්ස් (Judith Griggs)
• විශාල් මිශ්රා (Vishal Misra)
• පෝල් මාෂ් (Paul Marsh)

මීට ඉහළින් ද තවත් නිලධාරි සිටින අතර අලුතෙන් පත් කර ගෙන ඇති ඩැරල් මිචෙල් ද එසේ ඉහළින් සිටින ව්‍යහුයේ අධ්‍යක්ෂ ධූරයකින් පිළිගෙන ඇත.එම ව්‍යහුය ද ඔබට වැදගත් වන නිසා පහතින් සටහන් කර තබමි.
• සභාපති (President): ලීසා ස්තාලේකර් (Lisa Sthalekar)
• විධායක සභාපති (Executive Chairman): හීත් මිල්ස් (Heath Mills)
• ප්‍රධාන විධායක නිලධාරී (CEO): ටොම් මොෆට් (Tom Moffat)
• ස්වාධීන අධ්‍යක්ෂවරු (Independent Directors):
o ටෝනි අයිරිෂ් (Tony Irish)
o සනා මිර් (Sana Mir)
• වෙනත් අධ්‍යක්ෂවරු: ඩැරිල් මිචෙල් (Daryl Mitchell) සහ ඇන්ඩෘ බ්‍රයින් (Andrew Braine)

The post චමරිට ලංකාවටත් ගෞරවයක් ලැබෙන තනතුරක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here