ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (15) දිවයිනට පැමිණි තිබේ.
ASEAN Plus Cadet Sail (APCS) – 2026 වැඩසටහන යටතේ ඉන්දුනීසියානු නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළුව විදේශීය රටවල් විසිහයක ශිෂ්‍යභට නිලධාරීන් සමඟ මෙම නෞකාව පැමිණ ඇති බව සඳහන්ය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව නෞකාව පිළිගැනීම කොළඹ වරායේදී සිදුවිය.
මෙලෙස දිවයිනට පැමිණි SAIL SHIP වර්ගයට අයත් ‘KRI BIMA SUCI – 945’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන්නේ කොමාණ්ඩර් SUGENG HARIYANTO ය.
නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එම නෞකාව නිරීක්ෂණය සඳහා නාවික හමුදා පුහුණුවන නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් සහභාගී වීමට නියමිතය .
දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීම මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිත බව වාර්තා වේ.





Saru News















