අප්‍රේල් 22 වැනිදායින් ඇරඹෙන සාමයේ පාද යාත්‍රාව

0
4

අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව මේ මස 22 වැනි දා සිට 28 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ වෙනුවෙන් සහභාගීවීම සදහා භික්ෂූන්වහන්සේ කිහිප නමක් අද, ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව බලා වැඩම කර තිබේ.

ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ දොළොස් නමක් මෙරට පැවැත්වෙන සාම පාද යාත්‍රාව සදහා වැඩම කිරීමට නියමිතය.

ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා සාම පාගමන ආරම්භ කිරීමට නියමිතය.

අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද සාම පාගමනේ වැඩම කරවීමට නියමිතය.

අප්‍රේල් 22වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ.

සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here