දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අදාළ ඡන්ද විමසීම සඳහා භාර දෙන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙසයි.
මේ සම්බන්ධව අදාළ පක්ෂවල ලේකම්වරු හෝ බලයලත් නියෝජිතයින් හා ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුවත් කර තිබෙනවා
ඇති වූ විවිධ ගැටළු මත විවිධ දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වී තිබුණි.
මේ හේතුවෙන් ඊට එරෙහිව එම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවා.
එම පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය, අදාළ කොට්ඨාසවල තේරීම් භාර නිලධාරීන්ට නැවත එම නාමයෝජනා පත්‍ර භාර ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
ඒ අනුව එම නාමයෝජනා සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති දේශපාලන පක්ෂ වෙත එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබා දෙන ලෙස එම කොමිෂන් සභාව අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල බලයලත් නිලධාරීන් ගෙන් ඉල්ලා තිබේ.
Saru FM Media