ඇමරිකානු රජයට ඩො.බි.166ක් ආපසු ගෙවීමට සිදුවෙයි

0
3

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නීති විරෝධී ගෝලීය තීරුබදු (tariffs) ගෙවීමට සිදු වූ ඇමරිකානු ආනයනකරුවන් වෙත, ඇමරිකානු ඩොලර් බිලියන 166ක මුදලක් ආපසු ලබාදීමේ පද්ධතියක් ලබන සඳුදා (20) සිට ආරම්භ කරන බව ඇමරිකානු රජය නිව්යෝර්ක්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණයට (Court of International Trade) දැනුම් දී තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරුබදු නීති විරෝධී බවට තීන්දු කර ඒවා අවලංගු කිරීමට පෙර, ආනයනකරුවන් 330,000කට වැඩි පිරිසක් භාණ්ඩ නැව්ගත කිරීම් මිලියන 53ක් සඳහා මෙම බදු ගෙවා තිබුණි.

අදාළ සෑම ආනයනකරුවෙකුටම පොලියද සහිතව විද්‍යුත් ගෙවීමක් (Electronic Payment) ලෙස මෙම මුදල් ආපසු ලැබෙනු ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here