රෂිකා හෙන්නායක අප්‍රේල් 15, කොළඹ LNW :
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා යළි යථා තත්ත්වයට පත්ව ඇත.
ඒ අනුව, අප්‍රේල් 15 වනදා සිට රාජ්‍ය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රජය නිල වශයෙන් දැනුම් දී ඇත.
ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අවශ්‍ය අතිරේක බස් රථ යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
මීට අමතරව, කාර්යාල සේවකයින්ගේ පහසුව වෙනුවෙන් දුම්රිය ගමන් වාර ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
නිවාඩුවෙන් පසු එළඹෙන සතියේ පොදුජන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රවාහන අංශ සහ රාජ්‍ය පරිපාලනය මෙලෙස සක්‍රීයව සූදානම් වී සිටියි.


The post නිවාඩුවෙන් පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා යළි යථා තත්ත්වයට.. appeared first on LNW Sinhala.
Saru News
















