ළිඳක තිබි කාන්තා මළ සිරුරක් සොයා ගනියි

0
3

මුලතිව්, තේරාවිල් ප්‍රදේශයේ ළිඳක තිබි කාන්තා මළ සිරුරක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ ඊයේ (13) ප්‍රදේශවාසීන් ලැබුණි තොරතුරක් මත අදාළ කාන්තාවගේ මළ සිරුර ළිඳ තුළ තිබි ගොඩගත් බවය.

අදාළ සිරුර වයස අවුරුදු 52ක් වන තිදරු මවකගේ මළ සිරුරක් බවද පොලීසිය සඳහන්ය.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර, මරණයට හේතුව සොයා පරීක්ෂණ පවත්වන බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here