මගී ජනතාවට දුම්රිය අද නොමිලේ… – Saru News | සිංහල

0
8

අලුත් අවුරුද්ද සැමරීමට අද (12) දිනයේ ගම්බිම් බලා යන ජනතාවට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමේදි සම්පූර්ණ නොමිලයේ ගමන් පහසුකම් ලබාදී ඇත.

මේ සඳහා මිල දී ගන්නා සියලුම ටිකට් පත් සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදීමට, CBL මන්චි ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව සිය ගම්බිම් බලා කොළඹ ‍කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන මගීන් වෙනුවෙන්, නොමිලේ ටිකට් පත් ලබා දීමටයි මන්චි ආයතනය පියවර ගෙන ඇත. ඊට අමතරව කොටුව – මඩකලපුව දුම්රිය විශේෂ අවුරුදු චාරිකාවක් කරමින්, එහි ගමන් කරන මගීන්ට මන්චි වෙතින් විවිධ ක්‍රීඩා, සංග්‍රහ සහ ත්‍යාගද ලබා දීමට කටයුතු කර තිබේ.

අද කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන සියලු දෙනාට මන්චි වෙතින් මන්චි බිස්කට් ඇතුළු අවුරුදු සංග්‍රහයක්ද සූදානම් කර තිබෙන බව වාර්තා වේ.


6

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here