මහින්ද අවුරුදු දහයක් හැංගිලා ඉඳලා.. – Saru News | සිංහල

0
18

මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ආදායම් වියදම් සහ වත්කම් ලබාගත් මූලාශ‍්‍ර හෙළිකරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව 2015 දෙසැම්බර් 14 වැනි දින ලිඛිතව ඔහු වෙත දැනුම් දී ඇති අතර, නීතියේ ඇසට වැලි ගසමින් හොරා පනිමින් සිට ඇත.

මේ සම්බන්ධයෙන් අවසන් දැනුම්දීමේ ලිපියක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂට යවමින් අපේ‍්‍රල් මස 10වැනි දිනට පෙර විධිමත්ව සකස් කරන ලද දිවුරුම් ප‍්‍රකාශයක් මගින් එම වත්කම් පිළිබඳ විස්තර සහ ඒවා උපයා ගත් ආකාරය හෙළිකරන ලෙසට නියෝග කර තිබේ. මේ වනවිටත් වසර 10කට වැඩි කාලයක් නීතියට වැලි ගසමින් සිට ඇති නිසා කිසිදු හේතුවක් මත මෙම අවසන් දිනය දීර්ඝ නොකරන බව මහින්ද රාජපක්ෂ වෙත දන්වා යවා තිබේ.

හෙල්පින් හම්බන්තොට නමින් හැඳින්වූ සුනාමි අරමුදල මහින්ද රාජපක්ෂ විසින් වංචා කර ඇති බවත් එයට එරෙහිව පවරා තිබූ නඩු විභාගයේදී අගවිනිසුරු ලෙස තමන් පක්ෂග‍්‍රාහීව කි‍්‍රයාකරමින් මහින්ද රාජපක්ෂ එම චෝදනාවලින් නිදහස් කරන ලද බවත් සරත් නන්දසිල්වා 2014දී ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබිණි. මේ ආකරයට අධිකරණයේ ඇතැම් අපකීර්තිමත් පුද්ගලයන්ගේ සහ වංචාවිමර්ශන සිදුකිරීමේ ආයතනවල නීති මගින් රිංගා යමින් කටයුතු කළ ඉතිහාසය පිළිබඳව බොහෝ කරුණු හෙළිවෙමන් ඇත.


5

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here