හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද මහනුවරදී

0
1

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6:55ට යෙදී තිබේ.

පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී අද ‍පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එය මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

The post හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද මහනුවරදී appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here