සියයට 1.3කට කිසිසේත්ම බය වෙන්න එපා.. – Saru News | සිංහල

0
16

මේ වනවිට හෙළි වී තිබෙන තොරතුරු අනුව ජාතික සංවර්ධන බැංකුවේ (NDB) මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් තැන්පත්කරුවන් කිසිසේත්ම බිය විය යුතු නැති බව අවධාරණය කර තිබේ.

ගනුදෙනුකරුවන් හට කිසියම් තොරතුරක් පැහැදිලිකර ගැනීමට අවශ්‍ය නම් අදාළ ආසන්නතම බැංකු ශාඛාවේ කළමනාකරු හෝ 0117 448 850 අංකය ඔස්සේ පාරිභෝගික සේවා අංශය අමතා උපදෙස් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබේ. මෙම බැංකුව නෝර්විජීයානු අරමුදලක්, සේවක භාරකාර අරමුදල, සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල, රක්ෂණ සංස්ථාව සහ රිචඩ් පීරිස් සමාගම ඇතුළු ශක්තිමත් කොටස්කරුවන්ගේ දායකත්වයෙන් පිහිටුවා ඇති බව අවධාරණය කරයි.

මෙම වසරේ මාර්තු 31 වැනි දිනට බැංකුව සතු මුළු වත්කම් පදනම රුපියල් කෝටි අනූනවදහසක් (රු.කෝටි 99,000) බවට එයින් වංචාවට ලක්වී ඇත්තේ රුපියල් කෝටි එක්දහස් තුන්සියයක් (රු.කෝටි 1,300) පමණක් බවත් හෙළි වී තිබේ. එය මුළු වත්කම් ප‍්‍රමාණයෙන් 1.3%ක් පමණ වන බවද, හෙළිවී ඇත. එසේම රජයේ බදු ගෙවා අවසන් වූ පසු අලාභ වශයෙන් රුපියල් බිලියන 04ක් පමණ වනු ඇති බවත්, එය මුළු වත්කම්වලින් 0.7%ක් වනු ඇති බව අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම් සහිතව මෙම තත්වය සමීපව නිරීක්ෂණය කරමින් නියාමනය කෙරෙන අතර තැන්පත්කරුවන්ගේ මුදල් පිළිබඳව කිසිසේත්ම බිය විය යුතු නැති බවත්, ඉහත දත්ත මගින් තහවුරු කර ඇත.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here