ජෙමී ශ්‍රී ලංකා ලලනාවන්ට මඟ පෙන්වන්න එයි

0
3

නිශ්මං රණසිංහ ,මාර්තු 06 කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජේමි සිඩන්ස් ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීම නිවේදනය කිරීමට කැමැත්තෙන් සිටී.පළමු පෙළ තරග 160 සහභාගි වී ජෙමී එහිදී ශතක 35 ක් සහ අර්ධ ශතක 53 ක් රැස් කිරීමට සමත්ව තිබෙනවා.1988 වසරේදී ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින තරගයකට ක්‍රීඩා කර තිබෙන්නේ පකිස්තානයට එරෙහිවයි.කෙසේ නමුත් එක්දින තරගයක් වූ එම තරගයේදී ඔහු ලකුණු 32 ක් රැස් කරන්නට සමත් වී ඇතත් එයින් මතු ඔහුට ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ලැබී නැහැ.

එම තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජයට පත් වී ඇති අතර ජෙමී සිඩන්ස් මේ තරගයෙන් පසුව කණ්ඩායමට නොකැඳවීමට හේතුව සිතා ගැනීමට අපහසු වන්නේ ඔහු රැස් කළ ලකුණ 32 ඔස්ට්‍රේලියා පිතිකරුවෙකු එම තරගයේදි ලබා ගත් තෙවන වැඩිම ලකුණු ප්‍රමාණයද වෙන නිසයි.
2007 සිට 2011 දක්වා සිඩන්ස් බංග්ලාදේශ ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කර ඇති අතර, එය ඔහුගේ ඉහළම ජාත්‍යන්තර පුහුණු අත්දැකීම වෙනවා.3 වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන සිඩ්න්ස්, 2015 සිට 2020 දක්වා දකුණු ඕස්ට්‍රේලියාවේ (රෙඩ්බැක්ස්) ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, 2011 සිට 2015 දක්වා නවසීලන්තයේ වෙලින්ටන් ෆයර්බර්ඩ්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් සේවය කර ඇත.

ඔහුගේ වසරක පත්වීම 2026 මාර්තු 16 වන දින සිට බලාත්මක වන අතර ඕස්ට්‍රේලියාවේ පුළුල් පළමු පෙළ ක්‍රිකට් ජීවිතයක් ගත කළ සහ දකුණු ඕස්ට්‍රේලියාව සහ වික්ටෝරියා යන කණ්ඩායම් දෙකෙහිම නායකත්වය දැරූ සිඩ්න්ස්, ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාර ගනු ඇත.

ඔහුගේ පළමු පැවරුම වනුයේ 2026 අප්‍රේල්-මැයි මාසවල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා බංග්ලාදේශ සංචාරයයි.

The post ජෙමී ශ්‍රී ලංකා ලලනාවන්ට මඟ පෙන්වන්න එයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here