ලෝකයේ බෞද්ධ ජනතාවගේ වන්දනා මානයට පාත්‍ර වන මහනුවර දන්ත ධාතූන් වහන්සේ අවතක්සේරුවට ලක් කරමින් “කපිලවස්තුපුර පුර නිසැක ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වහන්සේ” යනුවෙන් නම් කළ ව්‍යාපෘතියක් හිරු මාධ්‍ය ජාලය පවත්වා ගෙන යමින් සිටී.
මෙයට වසර 08කට පමණ පෙර ආරම්භ කළ එම ව්‍යාපෘතිය මගින් රුපියල් කෝටි සිය ගණනක් අයුතු ලෙස උපයා ගෙන ඇති බවට එකල රාවය පුවත්පත මගින් කරුණු සහිතව හෙළි කරනු ලැබීය. මේ අතර, හිරු රූපවාහිනී නාලිකාව ප්‍රචාරය කළ අසත්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග පැවැත්වෙන අවස්ථාවක එම නාලිකාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කරුණු ඉදිරිපත් කර තිබුණේ “අපි ආධාර බෙදුවත් බෙදන්නේ ලබා අපේක්ෂාවෙන්” යනුවෙනි.
එම මාධ්‍ය ජාලය පවත්වා ගෙන යාමේ දී පදනම් කර ගන්නා අපේක්ෂාව එම නීතිඥයා විසින් අධිකරණය ඉදිරියේ නොබියව ප්‍රකාශ කර තිබූ අතර, රාවය පුවත්පත පළ කර තිබූ අනාවරණය සත්‍යයක් බව නැවත වරක් තහවුරු වී තිබේ.
ධාතු ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එම නාලිකාව පළ කළ වීඩියෝවක් පහතින් දැක්වේ.
0
Saru News
















