හර්ෂණ සූරියප්පෙරුම වහාම අත්අඩංගුවට ගත යුතුයි. ඔහු තමයි මේ සිද්ධියේ මුල් සැකකරු – Free Lawyers

0
2

සටහන – රුවන් නෙළුගොල්ල

මහාභාණ්ඩාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මුලින්ම මුදල් අමාත්‍යාංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් වන හර්ෂණ සූරියප්පෙරුම මහතාව වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළයුතු බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ ඉන්පසුව බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

“අපිට මේගොල්ලොන්ව අත් අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැනෙ. අපිට නීතිය කොතනද වැරදිලා තියෙන්නෙ කියලා පෙන්වන්න පුළුවන්. නමුත් මේකෙ සීඅයිඩී එකට, පොලීසියට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට, කථානායකට බලතල තියෙනවා විමසීමක් කරන්න. ඒගොල්ලො මේවා කරන්නෙ නැහැ. මොකද කරන්න වුණෝතින් එහෙම මේ කැබිනට් එකේ ඉන්න විශාල ප්‍රමාණයක් ඇතුළට දාන්න සිද්ධ වෙනවා. ඔන්න ඔතන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. අපි කියමුකෝ මේක විපක්ෂයේ කවුරුහරි කරලා තිබුණා කියලා, එහෙම නම් විපක්ෂයේ ඉන්න අයගේ බලු පැටියාත් අරගෙන ගිහිල්ලා රිමාන්ඩ් එකේ දානවා. ඒකයි කරන්නේ. මේ ආණ්ඩුව ජනතාවට කිව්වාට අපි සර්ව සාධාරණව මේ වැඩකටයුතු කරගෙන යනවා කියලා, එහෙම දෙයක් නෑ. මේගොල්ලො පට්ටපල් හොරු”

ප්‍රශ්නෙය – දැන් මේ සල්ලි ආපහු ගන්න පුළුවන් කියලා ආණ්ඩුවේ අය කියන්නෙ ?

“කොහෙද ගන්නෙ ? ඒගොල්ලො හිතාන ඉන්නෙ හැකර් ඉන්නෙ ලංකාවෙ කියලා. හැකර් ලංකාවෙ නෙවෙයිනෙ ඉන්නෙ. හැකර් ඉන්නෙ කොහෙ හරි පිටරටක. සල්ලි ටික ගත්තාට පස්සෙ හැකර් සම්පූර්ණයෙන්ම යටයනවා. ආයෙ ගන්න හම්බවෙන්නෙ නෑ. මම ඒක තමයි කියන්නෙ මේ සිද්ධියට ඔය හර්ෂණ සූරියප්පෙරුම කියන මනුස්සයාව වහාම අත් අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්න ඕනෙ. ඒකෙන් පස්සෙ තමයි මේ විමර්ශනය කරන්න ඕනෙ. එයා තමයි මේකෙ මුල් සැකකරු වෙන්න ඕනෙ. නැත්නම් දැන් බලන්නෙ කවුරුහරි පොඩි මිනිහෙක් අරගෙන මිනිහාව ඇතුළට දායි, එච්චරයි කරන්නෙ. භාණ්ඩාගාරෙ ලේකම්තුමා නොදැනුවත්ව ඩොලර් මිලියන 2.5ක් ගෙනියන්න පුළුවන්ද ?”

මෛත්‍රී ගුණරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (24) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

The post හර්ෂණ සූරියප්පෙරුම වහාම අත්අඩංගුවට ගත යුතුයි. ඔහු තමයි මේ සිද්ධියේ මුල් සැකකරු – Free Lawyers appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here