සමාජය තුළ අවිනිශ්චිත හැඟීම් ඇතිවන ආකාරයට ක්‍රියා නොකළ යුතුයි – විපක්ෂ නායක – Saru News | සිංහල

0
8

සමාජය තුළ අවිනිශ්චිත හැඟීම් ඇතිවන ආකාරයට ක්‍රියා නොකළ යුතු බව සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේද කියයි.

“සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනු අප සතුව ඇති මහා සංස්කෘතික මංගල්‍යයකි.

සංස්කෘතික මංගල්‍යයක පදනම සැකසෙන්නේ ඒ තුළ දක්නට ලැබෙන ආධ්‍යාත්මික සදාචාරාත්මක සංස්කෘතික හා විනෝදාත්මක සාධක මත ය. සිංහල දෙමළ අලුත් අවුරුද්ද මේ සියලු සාධක තුළින් අපට මහා සම්ප්‍රදායක උරුමය ලබා දී තිබේ.

මෙම උරුමය සුරක්ෂිත කිරීම හා අනාගතය වෙනුවෙන් පවත්වා ගෙන යාම අපගේ වගකීම යි.

එවැනි උරුමයක ක්‍රියාවලියට සමාජය තුළ අවිනිශ්චිත හැඟීම් ඇතිවන ආකාරයට ක්‍රියා කිරීම හෝ එවැනි සංසිද්ධීන් නිවැරදි ව කළමනාකරණය කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් එය අප සතු සංස්කෘතික උරුමයන් සුරැකීමට ආණ්ඩුව සතු වගකීම නොසලකා හැරීමකි. අවුරුදු නැකත් පත්‍රය පිළිබඳ ව මතු වූ ගැටලුව සඳහා ආණ්ඩුව මැදිහත් වූ ආකාරය තුළ අපේ සංස්කෘතියට සාරධර්ම පිළිබඳ දක්වන සැලකිල්ල ගැටලු සහගත බව පෙනේ.

අලුත් අවුරුද්දක උදාව යනු පෙර වැරදි නිවැරදි කර ගෙන නව වසරකට පියවර තැබීම යි. ගෙවී යන වසර තුළ රටේ ජනතාව අභියෝග රැසකට මුහුණ දුන් බව නොරහසකි. දැඩි ආර්ථික පීඩනය තුළ සමාජයේ සෑම මට්ටමක පිරිස් කටයුතු කරනුයේ මානසික සුවතාවයකින් නොවේ. එවැනි තත්ත්වයක් තුළ අවශ්‍ය වන්නේ කෙටි කාලීන විසඳුම් නොව දිගුකාලීන විසඳුම් තුළින් ජනතාව සවි බල ගැන්වීම යි. උදාවන නව වසර තුළ ඒ සඳහා වූ තිරසර වැඩපිළිවෙලකට අපි උපරිමයෙන් කැපවෙන බව සඳහන් කරමු.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපට නිහඩ ව කියාපාන සංහිඳියාව පිළිබඳ මහා පාඩම ගුරු කොට ගනිමින් ඒ සඳහා අපි කැපවෙමු.”


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here