තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ ගිලී දෙදෙනෙකු ජීවිතක්ෂයට

0
3

තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ වම් ඉවුරෙන් ජලය ගලා බසින ඇල මාර්ගයේ මංකඩක් තුළ තිබී මළසිරුරු දෙකක් ඊයේ (18) පස්වරුවේ සොයාගෙන තිබේ. 

ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරු මෙම මළ සිරුරු සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. 

මරණකරුවන් අවුරුදු 19 සහ 30 යන වයස්වල පසුවන බැඳිවැව හා තිඹිරිගස්කඩවල ප්‍රදේශවල පංදිචිකරුවන් බව සඳහන්ය. 

මොවුන් දියනෑමට ගොස් සිටියදී මෙලෙස මෙම අනතුරට ලක්ව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත. 

මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

මේ අතර ඊයේ (18) දහවල් අනුරාධපුර තිසාවැවේ දිය නාමින් සිටියදී එහි ගිලුණු පුද්ගලයෙකු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් බේරාගෙන ඇත. 

එම පුද්ගලයාට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. 

මෙලෙස බේරාගෙන රෝහල් ගත කර ඇත්තේ, වයස 27ක් වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here