සටන් විරාමය අවදානමක – හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට රොකට් ප්‍රහාර

0
3

දකුණු ලෙබනනයේ රැඳී සිටින තම සොල්දාදුවන් ඉලක්ක කරමින් හිස්බුල්ලා සංවිධානය විසින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවට ඊශ්‍රායල හමුදාව චෝදනා කර තිබේ.

ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, ප්‍රහාර එල්ල වූ ස්ථානය හඳුනාගෙන ඒවාට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවය. 

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවද එහි වැඩිදුරටත් දැක් වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතියේ ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් අනතුරුව වාර්තා වූ බරපතළම සිදුවීමක් ලෙස මෙය සැලකෙන අතර, එම හේතුවෙන් දේශසීමා ආශ්‍රිතව නැවතත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here