හෙරොයින් ග්‍රෑම් 120ක් සමග සැකකරුවෙකු අම්බලන්ගොඩ, මාදම්පාගම, දේවගොඩ අල්ලිය දේවාලය අසල නිවසක දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා විදෙස්ගතව සිටින ඉඩන්තොට අගම්පොඩි සජිත් ප්‍රියන්ත නොහොත් ”සමන්කොල්ලා” නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු බවට අනාවරණය වී තිබේ.
අදාළ සැකකරු මාදම්පාගම දේවගොඩ පදිංචි වයස 23ක් වන විවාහක පුද්ගලයකු වන අතර ඔහුව වැඩිදුර විමර්ශනය සදහා අම්බලන්ගොඩ පොලීසිය වෙත භාර දී ඇත.
Saru News












