අමෙරිකානු – ඉරාන ඊළඟ වටයේ සාකච්ඡා අර්බුදයක

0
3

ඉරානය මෙතෙක් අමෙරිකා එක්සත් ජනපදය සමග ඊළඟ වටයේ සාකච්ඡා සඳහා එකඟ වී නොමැති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන තස්නිම් පුවත් ඒජන්සිය මේ බව වාර්තා කර ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ මෙතෙක් මෙම සාකච්ඡා සඳහා ඉරාන බලධාරීන් එකඟතාව පළ කර නොමැති බවය.

මීට හේතුව ලෙස සඳහන් වී ඇත්තේ ඉරානයේ නාවික ගමනාගමන අවහිරතාවන් සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශ මෙන්ම මෑත කාලීන හුවමාරු වූ පණිවිඩවල අමෙරිකාව විසින් සිදුකරන ලද අධික ඉල්ලීම් වන බවය.

ඒ අනුව මෙම ඉල්ලීම් සහ තර්ජන මැද ඊළඟ වටයේ සාකච්ඡා සඳහා තවමත් එකඟතාවකට ඉරානය නොපැමිණි බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ සටන් විරාම කාලය අවසන් වීමට පෙර ස්ථීර එකඟතාවකට පැමිණීමට ඉරානට අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නැවත ප්‍රහාර දියත් කරන බවය.

අමෙරිකාන සහ ඉරානය අතර දැනට පවතින සටන් විරාමය එළැඹෙන සතියෙන් අවසන් වීමට නියමිත අතර එය දීර්ඝ නොකළහොත් යළිත් යුදමය තත්ත්වයක් ඇති විය හැකි බවත් අමෙරිකානු ජජනාධිපතිවරයා අනතුරු අඟවා තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here