සමාජවාදී තරුණ සංගමයත්, ලාංකීය ජනතාවත් එක්ව රුපියල් කෝටි 03කට ආසන්න ටොන් 60කට වැඩි මානුෂීය ආධාර තොගයක් කියුබානු ජනතාවට බෙදා දීම සඳහා බාර දී තිබේ.
කියුබාවේ මෙරට තානාපති පැට්‍රීශීයා ලසාරා පේගෝ ගුවේරා වෙත සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ සමාජවාදි ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඒ සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමය යොදා ඇති ෆේස්බුද් සටහන පහතින් දැක්වේ,
“දශක හයකට අධික කාලයක් පුරා කියුබාවට එරෙහිව පවත්වාගෙන යන ආර්ථික සම්බාධක හේතුවෙන් එම රට මේ වනවිට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයකට මුහුණ දී සිටී. විශේෂයෙන්ම මෑත කාලීනව එක්සත් ජනපදය විසින් කියුබාව වෙත තෙල් සැපයීම සීමා කිරීම සම්බන්ධයෙන් සම්බාධක තවදුරටත් තීව්‍ර කිරීම නිසා කියුබානු ජන ජීවිතය දැඩි පීඩනයකට ලක්ව ඇත.
වර්තමානයේදී දිනකට පැය 15 සිට 20 දක්වා විදුලි බලය නොමැතිවීම, ප්‍රවාහන පද්ධතිය බිඳවැටීම, ආහාර හිඟය සහ සෞඛ්‍ය සේවා දැඩි අර්බුදයකට ලක්වීම යනාදී කරුණු හේතුවෙන් කියුබානු ජනතාව ඉතා දුෂ්කර ජීවන තත්වයකට මුහුණ දී ඇත.
මෙම අසාධාරණ, අයුක්ති සහගත සහ අමානුෂික සම්බාධක ක්‍රියාමාර්ගවලට අප දැඩි විරෝධය පළ කරන අතර, එය වහාම ඉවත් කරන ලෙස අප ඉල්ලා සිටිමු. ලෝකය පුරා වෙසෙන ප්‍රගතිශීලී සහ වාමාංශික ජනතාව සමඟ එක්වමින්, කියුබානු ජනතාවට සාධාරණය ඉටුකරන ලෙස අප අඛණ්ඩව හඬ නගන්නෙමු.
සමාජවාදී තරුණ සංගමයත් කියුබානු කොමියුනිට් පක්ෂයත් කියුබානු කොමියුනිට්ස් පක්ෂයේ තරුණ සංගමයත් අතර ගොඩ නැගී ඇති වසර ගණනාවක මිත්‍රත්වය මත පදනම්ව ටොන් 60කට වැඩි රුපියල් කෝටි 3ට ආසන්න වටිනාකමකින් යුත් වියලි ආහාර කියුබානු ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් නැව්ගත කිරීමේ වැඩසටහන ඊයේ දින සිදුවිය.
මෙම අවස්ථාවට කියුබානු තනාපතිනි පැට්‍රීශීයා ලසාරා පේගෝ ගුවේරා මහත්මිය, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, WFDY හි ආසියා පැසිපික් කලාපයේ හිටපු උප සභාපතිනිය කල්පනා මධුභාෂිනී, ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ ආසියා පැසිපික් කලාපයේ වත්මන් උප සභාපති මහේල අමරසූරිය ඇතුලු සමාජවාදී තරුණ සංගමයේ සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක්ව සිටිය හ…!”















1
Saru News
















