රු. කෝටි තුනක් ඉක්මවූ විදේශ දුම්වැටි හා විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට!

0
2

කොළඹ LNW:නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් තුන් කෝටි අසූහය ලක්ෂ හැත්තෑ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා සමග තවත් පිරිසක් පැමිණ ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමත් සමග අනෙක් ගුවන් මගීන් පිරිස සිය ගමන් මලු අතහැර දමා පළා ගොස් ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන කොළඹ පදිංචි ව්‍යාපාරිකයෙකි.

මෙම පිරිස අද (25) අලුයම ඩුබායි සිට එමිරේට්ස් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 16 තුළ තිබී විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 229,800ක් අඩංගු දුම්වැටි කාටූන් 1,149ක් සහ විද්‍යුත් දුම්වැටි 113ක් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

The post රු. කෝටි තුනක් ඉක්මවූ විදේශ දුම්වැටි හා විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here