රුපියල් 15,000ක් අල්ලස් ලබාගත් කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම් – Saru News | සිංහල

0
2

රුපියල් 15,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම් නියම කර තිබේ.

වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබාගත් බවට 2009 සැප්තැම්බර් 02 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් ලැබී ඇත. මෙම නියෝගය ලබාදී ඇත්තේ ඒ අනුව ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ විභාග කරන ලද නඩුවට අදාළවය.

ඉදිරිපත් කළ සියලු සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව, අදාළ පුද්ගලයාට එරෙහිව ගෙන ආ චෝදනා තුනටම වරදකරු වන බව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් තීන්දු කර ඇත.

මෙම එක් එක් චෝදනාව සඳහා එකවර ගෙවී යන සේ වසර 06 බැගින් සිර දඬුවම් සහ එක් එක් චෝදනාවට රුපියල් 5,000 බැගින් වූ දඩ මුදල් නියම කර ඇති අතර, අල්ලස් ලෙස ලබාගත් රුපියල් 15,000ක මුදලට සමානව අමතර දණ්ඩන මුදලක්ද නියම කර තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here