ලෝක මැලේරියා දිනය අදයි

0
3

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ .

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබුවේ 2016 වසරේදීය.

අතීතයේ මාරාන්තික වසංගතයක් බවට පත්ව තිබු මැලේරියා රෝගය මුළුමනින්ම තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබුණත් මෑතකදී විටින් විට විවිධ ප්‍රදේශවලින් මැලේරියා රෝගීන් හමුවී තිබුණි.

2023 වසරේ දී රෝගීන් 62ක් ද 2024 වසරේ දී රෝගීන් 38 දෙනෙක් ද 2025 වසරේ දී රෝගීන් 14 දෙනෙකු ද මෙසේ සොයා ගන්නා ලදී.

එහෙත් මෙය වසංගතයක් ලෙස පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ ක්‍රමවත් රෝග පාලනයක් සිදුකරනු ලබයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here