සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දී ජනතාව අපහසුතාවට පත් වෙන තත්වයන් ගණනාවක් ඇති වී රටම අවුල් ජාලයක් බවට පත් වෙනු ඇතැයි රාජපක්ෂලා, සජිත්ලා ඇතුළු විපක්ෂය වෙලී සිටි සිහිනය සම්පූර්ණයෙන් ම බිඳ වැටුණු බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
ආසන්න හේතුවක් ලෙස මැදපෙරදිග යුද්ධය නිසා රට තුළ දැඩි ඉන්ධන අර්බුදයක් ඇති වෙනු ඇතැයි ද අවුරුදු සමයේ විදුලිය කප්පාදුවක් සිදු කරනු ඇතැයි ද විපක්ෂයේ ඇතැම් අය බිල්ලන් මවා තිබිණි. එහෙත් මෙම අවුරුදු සමය ජනතාව ඉහළම සහභාගීත්වයකින් සහ ප්‍රීතියෙන් යුතුව සැමරූ බව රට පුරාම සිටින මාධ්‍ය වාර්තාකරුවන්ගෙන් තහවුරු වී ඇත.
අවුරුදු සමයේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවට ප්‍රචාරය කිරීමට සජිත් ප්‍රේමදාස ඍජුව ම මැදිහත් වූ අතර එම උත්සාහය ද මුළුමනින් ම අසාර්ථක විය. දිට්වා සුළි කුණාටුවෙන් ඩොලර් මිලියන 4,100ක අති දැවැන්ත ආර්ථික විනාශයක් ඇති වී මැදපෙරදිග යුද්ධයෙන් ලෝකයට ම කම්පනයට පත් වී සිටියදීත් අදාළ තත්වයන්ගේ ප්‍රතිවිපාක ජනතාව මතට ගලා යාමට ඉඩ නොදී මැනවින් කළමනාකරණය කර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමත් වූ බව මධ්‍යස්ථ විචාරකයින් පෙන්වා දී ඇත.
0
Saru News
















