නිශ්මං රණසිංහ
රජඇලටත් කන්තලේ වැවටත් තියෙන්නෙ අපූරු සබඳතාවයකි.ඇලහැර ඇල කියා ද රජඇලට කියන්නේය.ඒ කන්තලේ වැවට ජලය ගෙන එන ප්‍රධාන මාර්ගය වන්නේය.ඒ පාර දිගේම මෙන් කන්තලේ මැදිමහ විදුහලට රජඇල විද්‍යාලයේ සිට පැමිණි මිතලි අයෝධ්‍යාට පාර කියන්නේ ක්‍රිකට් ය.
කන්තලේ යෝධයා ඇලම නොවේය.වැසුණු සීනි කර්මාන්ත ශාලාව ද වැටුණු යෝධයෙක්ය.වැටුණු බිදුණු සහ කැඩුණු තැන් බොහෝමයක උරුමයක් ලෙස ලංකාවේ යුද්ධයේ සිටම නිරන්තර බලපැම්වලින් පීඩා විඳි කන්තලේ මිනිස්සු හයියෙන් නැඟී සිටින්නට හැකි බව නිතර පෙන්නන්නේය.මේ මොහොතේත පැරිස් ඔලිම්පික් නියෝජනය කළ අරුණ දර්ශන වැන්නන් කන්තලේය.එවැනි දරා ගැනීමකින් මතු වේන වේගය ද සමග අවුරුදු 19 න් පහළ දක්ෂතා ද සමඟ කාන්තා ජාතික කණ්ඩායමට එක්වන අලුත්ම සාමාජිකාව වන්නට මිතලිට හැකි වී ඇත.වේගයෙන් පන්දු යැවීමට හැකියාව ඇති මිතලි, පළමු වරට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් සමඟ බංගලාදේශයේ සංචාරයකට සූදානමින් සිටින්නීය.
ආබාධ තත්ත්වයක් නිසා විශ්මි ගුණරත්න මේ තරග සංචාරයට එක් නොවන අතර එක්දින කණ්ඩායමට නම් කර තිබෙන පියුමි වත්සලා, චේතනා විමුක්ති සහ කාව්‍යා කාවින්දි එම තරගාවලිය නිමාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.ඇරඹෙන විස්සයි විස්ස තරගාවලියට එක්වීමට මිතලි ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන්නේ ඇයගේ වයසේම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන රශ්මි සෙව්වන්දි සමඟය.
පහතින් දැක්වෙන්නේ තරග කාල සටහනය.
එක්දින තරගාවලිය
අප්‍රේල් 20 පළමු එක්දින තරගය රාජ්ශාහි දිවා තරගයක්
අප්‍රේල් 22 දෙවැනි එක්දින තරගය රාජ්ශාහි දිවා තරගයක්
අප්‍රේල් 25 තෙවැනි එක්දින තරගය රාජ්ශාහි දිවා තරගයක්
විස්සයි-20 තරගාවලිය
අප්‍රේල් 28 පළමු විස්සයි-20 තරගය සිලෙට් ප.ව. 6.00
අප්‍රේල් 30 දෙවැනි විස්සයි-20 තරගය සිලෙට් ප.ව. 6.00
මැයි 02 තෙවැනි විස්සයි-20 තරගය සිලෙට් ප.ව. 6.00
මෙහිදී විස්සයි විස්ස තරග තුනම දිවා රාත්‍රී තරග ලෙස පැවත්වීම වැදගත් අවස්ථාවක් වන අතර පහතින් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම වෙන වෙනම නම් කර ඇත.
එක්දින කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, කෞෂානි නුත්‍යාංගනා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, පියුමි වත්සලා, කවීෂා දිල්හාරි, දෙව්මි විහංගා, මල්කි මදාරා, කාව්‍යා කාවින්දි, චේතනා විමුක්ති, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, නිමේෂා මදුෂානි.
විස්සයි-20 කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, කෞෂානි නුත්‍යාංගනා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, රශ්මිකා සෙව්වන්දි, කවීෂා දිල්හාරි, දෙව්මි විහංගා, මල්කි මදාරා, මිතලි අයෝද්‍යා, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, නිමේෂා මදුෂානි.


The post රජඇලේ වේගය බංගලාදේශ ගමනට තේරෙයි appeared first on LNW Sinhala.
Saru News
















