සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ලොකු පැටී නැමැත්තාගේ සහෝදරයා වූ පොඩි පැටී නැමැත්තා ඉලක්ක කර අහුංගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලීසිය විසින් සඳහන් කරනු ලැබුවේ ඊයේ (16) රාත්‍රී 11.30 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.
පොඩි පැටී නැමැත්තා ත්‍රීරෝද රථයකින් ගමන් ගනිමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බව වාර්තා වේ.
තමන් ගමන් ගත් ත්‍රීරෝද රථයට යමෙකු රතිඤ්ඤා වැනි පුපුරණ ද්‍රව්‍යයක් දැමූ බව තමන් මුලින් සැක කළ බව ඔහු අහුංගල්ල පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇතිබව වාර්තා වේ.
ඊයේ රාත්‍රියේ පැවැති උත්සවයකට සහභාගී වී එමින් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් ඔහුට හානියක් සිදුව නොමැති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සඳහන් කර තිබේ.
Saru News
















