යුද්ධයකින් පීඩා විදින මොහොතක ඉවසිලිවන්තව අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන්න – පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි

0
9

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:සමස්ථ ලෝකයම අසීරුතාවයට පත්ව ඇති මෙම අභියෝගාත්මක මොහොතක ශ්‍රී ලාංකිකයන් වශයෙන් වඩාත් ඉවසිලිවන්තව උදාවූ නව වර්ෂයේදී කටයුතු කළ යුතුව ඇතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පවසති.

ඉවසීමෙන් හා අවබෝධයෙන් යුක්තව කටයුතු කළ යුතු කාලයක නව අවුරුදු උදාව සැමරීමට අවස්ථාව යෙදී ඇතැයි කී උන් වහන්සේ යුදමය තත්ත්වය නිසා ශ්‍රී ලංකාව ද විවිධ පීඩාවන්ට මුහුණදෙමින් සිටින බව සඳහන් කළහ.

අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් මල්වතු මහ විහාරය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමිනුයි අනුනායක හිමියන් මේ බව සඳහන් කළේ.

සමගියෙන්, සමාදානයෙන්, ඉවසීමෙන් හා අවබෝධයෙන් යුක්තව මෙවැනි අවස්ථාවක අප ක්‍රියා කළ යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ආගමානුකූලව පැවැත්විය යුතු සියලුම පුද පූජා ආදිය පැවැත්වීම අපට පැවරෙන වගකීමක් වන අතර ලෝකයම අසීරුතාවට පත්ව ඇති බැවින් චාරිත්‍ර ඉටු කිරීමේ දී තමන්ට කළ හැකි පමණින් ඒ සඳහා ඉවසිලිවන්තව යොමු විය යුතු යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ තවදුරටත්ප්‍රකාශ කළහ.

The post යුද්ධයකින් පීඩා විදින මොහොතක ඉවසිලිවන්තව අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන්න – පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here