මහින්ද නීතිය ඉදිරියේ දණ ගසයි – ඒත් බැංකු ගිණුම් 8ක ශේෂය හංගලා – Saru News | සිංහල

0
4

නීතියට ඉහළින් සිටිමින් ක්‍රියා කළ යුගය අවසන් කර 2015 දී ලබා දිය යුතු වත්කම් බැරකම් ප්‍රකාශය මහින්ද රාජපක්ෂ විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලබා දී ඇති අතර, එමගින් ද රිංගා යාමට අවස්ථා උපයෝගී කර ගෙන ඇති බව හෙළි වී තිබේ.

ඇතැම් වත්කම් පිළිබඳව තොරතුරු ලබා දීමට කල් අවශ්‍ය බව පසුගිය 10 වෙනිදා ලබා දුන් වාර්තාවේ සඳහන් කර ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. මේ අතර, මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිය දී 2024 වර්ෂය වෙනුවෙන් ලබා දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධ තොරතුරු ද මේ වනවිට අල්ලස් කොමිසමේ වෙබ් අඩවියෙන් හෙළි කර ඇත.

ඔහුගේ නමින් ලංකා බැංකුවේ ගිණුම් ගණනාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර, බැංකු ගිණුම් 8ක් සඳහන් කර තිබුණ ද එම ගිණුම්වල පවතින ශේෂයන් ප්‍රසිද්ධ කර නැත. ඊට අමතරව, ජනාධිපතිගේ විශ්‍රාම වැටුප වශයෙන් (එය අහෝසි කිරීමට පෙර) රුපියල් 97,500ක් ද මන්ත්‍රී විශ්‍රාම වැටුප ලෙස රුපියල් 54,285ක් සහ අමතර මාසික දීමනා ලෙස රුපියල් ලක්ෂ 10ක් මාසිකව ලබා ගෙන තිබිණි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here