භාණ්ඩාගාර සයිබර් වංචාව තවත් පුළුල් වෙයි: ප්‍රංශ ණය ලේඛනත් අතුරුදහන්

0
3

භාණ්ඩාගාර පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරය තවදුරටත් පුළුල්ව ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සතු පරිගණක පද්ධතිවලින් ප්‍රංශයෙන් ලබාගත් ණයක් ආපසු ගෙවීම සම්බන්ධ ලේඛන කිහිපයක් අතුරුදහන් වී ඇති අතර, එය පෙර USD මිලියන 2.5ක් අතුරුදහන් වූ සිද්ධියට සම්බන්ධ එකම හැකර් කණ්ඩායමක් සමඟ සම්බන්ධ විය හැකි බවට සැක පලකර ඇතැයි ද පැවසේ.

මුල් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, අදාළ ලේඛන අනාගතයේ ගෙවීමට නියමිත ප්‍රංශ ණය ආපසු ගෙවීම් සම්බන්ධ වන අතර, එම ලේඛන අතුරුදහන් වීම තහවුරු වී ඇති බවයි.

පරීක්ෂකයන්ගේ විශ්වාසය අනුව, හැකර්වරු මෙම ලේඛනවලට ප්‍රවේශය ලබාගෙන, තවත් වංචාවක් සිදු කිරීමේ අරමුණින් ඒවා ඉවත් කර ඇති බවට විශ්වාස කෙරේ.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යටතේ විශේෂ සයිබර්පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදු කරණ බවද වාර්තා වේ.

එම කණ්ඩායම ඊයේ දින මුදල් අමාත්‍යාංශය හි බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ සේවකයන් භාවිතා කළ ලැප්ටොප්, ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් භාරයට ගෙන ඇතැයි ද වාර්තා වේ.

මෙම සේවකයන් විසින් ඕස්ට්‍රේලියාවට USD මිලියන 2.5ක ණය ගෙවීම් ක්‍රියාත්මක කර තිබුණි.

“පද්ධතිය බිඳ දැමීමට බාහිර පාර්ශවයකට ඇතුළත සිට උදව් ලැබී තිබේද යන්න පිළිබඳ අප සොයා බලමින් සිටිනවා,” යැයි උසස් රාජ්‍ය නිලධාරියෙකු එම පුවත්පතට පැවසූ බව අදාළ පුවත්පත් වාර්තා වේ දැක්වේ.

නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසා ඇත්තේ, භාණ්ඩාගාරයේ විද්‍යුත් තැපැල් පද්ධතියද බිඳ වැටී ඇති අතර, ගෙවීම් කළ නිලධාරීන්ගේ පැත්තෙන් පැහැදිලි නොසැලකිල්ලක් පවතින බවයි. 

“මෙය හිතාමතා සිදු කළ ක්‍රියාවක්ද, හෝ රජය අපහසුතාවයට පත් කිරීමට දේශපාලන අංගයක් තිබේද යන්නද අප විමර්ශනය කරනවා,” යැයි ඔහු සඳහන් කර ඇත.

සම්පූර්ණ පද්ධතිය බිඳ වැටී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව, එවැනි සිද්ධීන් නැවත සිදුවීම වැළැක්වීම සඳහා අමතර ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු කියා සිටී.

අනාගතයේ සියලු ණය ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද අනුමත කළ යුතු වන බවත්, එවිට සමාන තත්ත්වයක් නැවත ඇතිවීමේ අවදානම අවම වන බවත් ඔහු පැවසීය.

අභ්‍යන්තර සේවාදායකයන් (servers) ආරක්ෂිතව තබා ගැනීම සඳහා තවත් ආරක්ෂක විශේෂාංග ද හඳුන්වා දී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම විමර්ශන කටයුතු සඳහා Australian Federal Police ආයතනයද සහය දක්වමින් සිටින අතර, ඔස්ට්‍රේලියානු විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීම හෝ ශ්‍රී ලංකා පරීක්ෂකයන් එරටට ගමන් කිරීම පිළිබඳවද සාකච්ඡා සිදු වී ඇතැයි වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here