ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙනිය සනත් ද සිල්වා නොහොත් `රාජු’ නමැත්තාගෙන් ලද තොරතුරක් මත පදිංචි නිවසේ සඟවා තිබියදී ගිනිඅවියක්, මැගසීනයක් සහ උන්ඩ 15ක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවතී.
එම ප්‍රශ්න කිරීම්වලට අනුව ඔහුගෙන් ලද තොරතුරු මත මෙම ගිනි අවිය මැගසීනය සහ උණ්ඩ පොලිසිය සොයාගෙන ඇත.
ඉකුත් (30) වැනිදා ඉන්දියානු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙරට පොලිසිය ඉන්දියානු පොලිසිය සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව ඔහු මෙරටට ගෙන්වා ගනු ලැබීය.
මීටියාගොඩ රාජු නැමැත්තා මනුෂ්‍ය ඝාතන 40කට වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
1
Saru News
















