පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යළිත් බිඳවැටිලා

0
4

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියළුම මහජන සේවාවවන් අද (17) දිනයේදී ක්‍රියාත්මක නොකරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

ඒ, එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙනි.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරන බව සඳහන්.

ගතවූ මාස කිහිපය තුළ මීටපෙරත් අවස්ථා කිහිපයකදීම මෙම පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් මෙසේ අදාළ දෙපාර්තමේන්තුවේ සේවාවන් නතර කිරීමට සිදුව තිබිණි.

The post පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යළිත් බිඳවැටිලා appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here