පාස්කු ප්‍රහාරයේ විමර්ශන තව කෙටි කාලයක් ඇතුළත සාර්ථකව අවසන් කරන්න හැකිවේවි කියා හිතනවා – විජේපාල

0
2

සටහන – රුවන් නෙළුගොල්ල

2019 අප්‍රේල් 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“මේ රජය බලයට පත්වෙලා පහුගිය මාස 16ක කාලය පුරාම මේ විමර්ශන කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනාවා. මේ වෙනකොට එහි යම් ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. ඉදිරියටත් ඒ විමර්ශන නිවැරදිව සිදුකිරීම ශ්‍රී ලංකා පොලීසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට මේ වෙනකොට කරුණු වාර්තා කරලා තිබෙන බව ඔබ දන්නවා. ඒ හින්දා මම හිතනවා සාර්ථක විදියට මේ කටයුතු විමර්ශනය කරලා අවසන් කරගන්න තව කෙටි කාලයක් තුළ හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා”

“කතෝලික සභාවත් මේ රටේ ජනතාවත් දන්නවා නිවැරදිව ඒ පරීක්ෂණ යනවා කියලා. මං කියන්නෙ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පමණක් නෙවෙයි මේ රටේ සිදුවුණු හැම නීතිවිරෝධී ක්‍රියාකාරකමක්ම – අල්ලස්, දූෂණ, වංචාවක් වෙන්න පුළුවන්, මූල්‍ය අවභාවිතාවක් වෙන්න පුළුවන් – මේ සියල්ලක්ම සම්බන්ධයෙන් ඉතාම නිවැරදිවත් විනිවිදභාවයෙන් යුතුවත් ජනතා විශ්වාසය පළුදු නොවන ආකාරයට ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ඉතාම සාධාරණව ඒ කටයුතු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හරහා සිද්ධ වෙමින් පවතිනවා”

ආනන්ද විජේපාල මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති උත්සවයකට සහභාගී වන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

The post පාස්කු ප්‍රහාරයේ විමර්ශන තව කෙටි කාලයක් ඇතුළත සාර්ථකව අවසන් කරන්න හැකිවේවි කියා හිතනවා – විජේපාල appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here