විශේෂ මෙහෙයුමකින් ඊයේ (16) අත්තඩංගුවට ගත් චන්දන කත්‍රිආරච්චිගේ බිරිඳගේ නමටත් ගිනි අවි 3ක්ම ලබා දී තිබූ බව හෙළි වී තිබේ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ චන්දන කත්‍රිආරච්චි ඉදිරිපත් විය. විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සහ ශ්‍රී ලංකා පොලිසියට පමණක් නිකුත් කරන T56 උණ්ඩ ඔහු සතු වී තිබුණේ කෙසේද යන්න පිළිබඳව අභිරහසකි. 1996 කැස්බෑව සමූපකාර සමිතිය සඳහා පවත්වන ලද ඡන්ද විමසීමේ දී චන්දන කත්‍රිආරච්චි ඇතුළු සන්නද්ධ මැර පිරිසක් කළ වෙඩි තැබීමෙන් කේ. ඩී. චන්ද්‍රරත්න මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබීය.
එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණයෙන් වැරදිකරුවෙකු ලෙස තීන්දු කළ චන්දන කත්‍රිආරච්චිට නීත්‍යානුකූලව ගිනි අවියක් ලබා දුන්නේ කෙසේද සහ ඔහුගේ බිරිඳට ශොට් ගන් වර්ගයේ ගිනි අවි දෙකක්, මිලිමීටර් 9 පිස්තෝලයක් ලබා දීම පිළිබඳව විමර්ෂකයන්ගේ අවධානය යොසු වී ඇත.
1
Saru News
















