ජාත්‍යන්තර සම්මාන රැසක් සමඟින් රිදී තිරයට එන “RED EASTER”

0
2

සිනමා අධ්‍යක්ෂක යූ.ඒ. පල්ලියගුරු විසින් නිර්මාණය කරන ලද Red Easter මේ වන විට සම්මාන රැසක් සමඟින් ජාත්‍යන්තර මට්ටමේ විශාල අවධානයක් දිනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවෙන් ද ලෝකයට අභියෝග කරන, ගැඹුරු සහ සංකීර්ණ කලාත්මක කෘති නිර්මාණය කළ හැකි බව නව පරපුරේ සිනමා අධ්‍යක්ෂකවරයෙකු ලෙස ස්වකීය නිර්මාණය ඔස්සේ අධ්‍යක්ෂකවරයා විසින් පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර සිනමා උළෙලවලට ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකා සිනමාවට නව මාර්ගයක් විවෘත කිරීමට Red Easter  සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සම්මාන සහ ජාත්‍යන්තර පිළිගැනීම්:

🏆 Asian Talent International Film Festival 2025 – Award Winner
🏆 Bangkok Movie Awards 2025 – Award Winner
🎬 Athens International Film Festival 2026 – Finalist
🎬 Tianjin International Academic Film Festival 2025 – Semi-Finalist
🎬 SAFAL International Film & Short Film Festival 2025 – Semi-Finalist
🎬 Indian Independent Film Festival 2025 – Official Selection
🎬 Golden Bridge Istanbul Film Festival 2025 – Official Selection
🎬 Anatolia International Film Festival 2025 – Official Selection
🎬 Paradise Film Festival 2025 – Official Selection

Red Easter සිනමා අධ්‍යක්ෂක යූ.ඒ. පල්ලියගුරු චිත්‍රපට අධ්‍යක්ෂ වරයකු පමණක් නොවන අතර ඔහු මේ වන විට චිත්‍රපට 15 ක් නිෂ්පාදනය කොට ඇත 

2012දී සුපර්සික්ස්  

2017  පැනිමකුලුවෝ 

2018 සාම කුමරු කථාව 

2019  සැගවෙන කිරිල්ලියෝ 

2020 ආලේ  කොරෝනා 

2021 රුහිරේ 

2022 පියාබන්න ආයෙත් 

2023 සික්ස්ටි නයින් 

2024 ජිගලෝ 

2025 අනියම් 

2025 සම රිසි පෙමක් 

2026 ට්රුත් ඔර් ඩෙයාර්  ආදී ලෙස සිනමා  රාශියක් නිර්මාණය කොට ඇත. 

Red Easter චිත්‍රපටය ලෝක සිනමාවේ  නුදුරේදීම  බෙදා හැරීම සිදුවනු ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here