ශ්‍රී ලංකා “ඒ” ක්‍රිකට් පිලේ පුහුණුකාර ධූරයෙන් ඉවත්කර 19න් පහළ පිලේ පුහුණුකරු ලෙස පත්කරන ලද අවිශ්ක ගුණවර්ධන එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
අවිශ්ක සිය ඉල්ලා අස්වීම ඊමේල් පණිවුඩයක් මගින් ක්‍රිකට් ආයතනයට යවා ඇතත් එයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද පැවසේ.
අවිශ්කව ඒ පිලෙන් 19න් පහළ පිලට තල්ලු කරනු ලැබුවේ ක්‍රිකට් විධායක කමිටුවේ තීරණයකට අනුව බවට වාර්තාවුවද, අදාළ වෙනස කිරීම පිටුපස ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ජාකික පුහුණුකරු සනත් ජයසූරිය සිටින බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ.
මේ අතර, අවිශ්කට ශ්‍රී ලංකා පිලේ ස්ථානය අහිමිවූයේ සනත් නිසා බවටත් එකල වාර්තා පැතිර තිබිණි.
එකළ ඔවුන් දෙදෙනාම තදින් පන්දුවට පහරදෙන ආරම්භක පිතිකරුවන් ලෙස නමක් දිනාගෙන සිටියේය.
අවිශ්ක ඉවත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ඒ පිලේ පුහුණුකරු ලෙස පත් කරනු ලැබුවේ අශාන් ප්‍රියංජන වන අතර, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක්ව දෙමසක පමණ කාලයක් තුළදී මේ ධූරයට නම් කිරීම සම්බන්ධයෙන්ද මේවන විට ක්‍රිකට් ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.
Saru News
















