අමාත්‍ය ලාල් කාන්ත 316,957කගේ බලය පෙන්වයි… – Saru News | සිංහල

0
2

හිරු මාධ්‍ය ජාලය ගෙන යන පාදඩ භාවිතයට එරෙහිව තීරණාත්මක අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම පශු සම්පත්, මහවැලි, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත අවධාරණය කරයි.

හිරු මාධ්‍ය ජාලය විසින් ලාල් කාන්ත ඇමතිවරයාගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් පළ කරන ලද සැලසුම් සහගත වෛරී ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් රුපියල් බිලියන 10ක වන්දි ඉල්ලා මේ වනවිටත් එන්තර වාසියක් යවා ඇත. ඔහුගේ කීර්ති නාමයට කරන ලද හානිය වෙනුවෙන් මෙම වන්දි මුදල අයකර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඔහුගේ නීතිඥවරයන්ගේ මාර්ගයෙන් දන්වා යවා තිබේ.

පසුගිය මහා මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ජාතික ජන බලවේගයේ අපේක්ෂක කේ.ඩී ලාල්කාන්ත එම දිස්ත්‍රික්කයේ ඓතිහාසික වැඩිම මනාප ප්‍රමාණය, එනම් 316,957ක් ලබා ගනිමින් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය. මෙයට පෙර මහ මැතිවරණ ගණනාවකදී එම දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී වැඩිම මනාප ලබා ගත් මහින්දානන්ද අලුත්ගමගේ, සරත් අමුණුගම, වැනි අපේක්ෂකයන් ලබා ගත් මනාප මෙන් දෙගුණයකට වැඩි මනාප ප‍්‍රමාණයක් කේ.ඩී ලාල් කාන්ත අපේක්ෂකයා ලබා ගෙන තිබිණි. මෙවැනි කීර්ති නාමයක් ඇති ඔහු නිශ්චිත වශයෙන්ම අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බව අවධාරණය කරන වීඩියෝව පහතින් පළ වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here