BIG MATCH සංකල්පය වල් වැදීම

0
12


නිශ්මං රණසිංහ මාර්තු 31, කොළම LNW :

ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් දෙකක් එකතු වී බිග් මැච් එකක් නොගැසුවේනම් එය මදිකමක් ලෙස හැඟෙන තරමට බිග් මැච් අවශ්‍යයතාවය පාසල්වලට දැනෙමින් තිබෙයි.එය දැන් විලාසිතාවක් වී ඇති අතර විද්‍යාල දෙකක් අතර අවබෝධය,මිත්‍රත්වය සහ සංස්කෘතික වශයෙන් සිඳුවන හුවමාරුව වර්ථමාන විලාසිතා උවමනාවෙන් ගිලිහෙමින් පවතින බව පෙනෙන සිඳුවීම් දිගින් දිගටම වාර්තා වෙමින් ඇත.

මේ සම්බන්ධයෙන් මහා තරග ඉතිහාසයෙන් මෙන්ම මහා තරගයකින් ඉනික්බිති එම සම්ප්‍රදායට යම් කඩතොළු වීමක් සිඳුවුණ තැන් ගැඹුරෙන් සාකච්ඡා කිරීම වැදගත්ය.බත ඉදෙන තුරු පමණක් අඹු-සැමි අර්බුදය පවතින ආකාරයට ඇතිවන සුළු සුළු අඩුපාඩු ඉවසන ක්‍රමයකට මෙන්ම ක්‍රීඩාවෙ ජීවගුණය රැකෙන තැනකට මහා තරග ගෙන ඒම ගැන කල්පනාවට ගත යුතුය.

මේ සඳහා සරල තරමටම ගැඹුරෙන් සිතිය යුතු මහා තරග අත්දැකීමක් සිය ෆේස්බුක් ගිණුමේ තබන්නට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර කටයුතු කර ඇත.පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

බිග් මැච් සාමය ….

පහුගිය වසර කිහිපයකම පාසැල් අතර මහ තරඟවල මා දුටු හා
ඇසීමට ලැබුන වේදණාකාරී නැතිනම් දුක්මුසුම පැත්ත තමයි රණ්ඩු සරුවල් ….

රණ්ඩු සරුවල් කීවට දැනට දශක ගනනකට පෙර තිබූ තත්වයෙ ඒව නෙවෙයි මේ ….

දැන් අපි අහන්නෙ ඔලු පලා ගැනීම්
පිහි ඇණුම් කඳුළු ගෑස් ප්‍රහාර ….
බිග් මැච් නාමයෙන් බාළිකා පාසැල් වලට පැනීම් සහ හිරිහැර කිරීම් වගෙ දේවල් …

මෙවැනි දෑ විසිවෙනි ශත වරුසෙ නම්
අහල තිබුනෙම නෑ …
මෙහෙම ගියොත් තව කාලෙකින් මීට දරුණු දේවල් වෙන්නත් බැරි නෑ …

එවැනි අත්දැකීම් විශේෂයෙන්ම සමාජයක් රටක් ඉදිරියට ගෙන යෑමට ඉදිරිපත්වී සිටින
තරුණ පරපුරකට ඔබින දේවල් නම් නෙවි ඕං …



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here