ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට ගෙන යන Beauty of Sri Lanka ඡායාරූප ප්‍රදර්ශනය හෙට (අප්‍රේල් 25) එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනය Celebrity Centre International,Hollywood හිදී හෙට පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙයි.
අමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය සමග ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
ලෝක මිහිකත දිනයට සමගාමීව සංවිධානය කළ ‘මිහිකත සුරකිමු’ චිත්‍ර ප්‍රදර්ශනයද මීට සමගාමීව පැවැත්වෙනු ඇත.
මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ‘අද දෙරණ’ ප්‍රවෘත්ති නාළිකාව විසින් ලබාදෙයි.
Saru News
















