ඔබ නොසලකා හරින මේ ලක්ෂණ දරුණු මුත්‍රා ආබාධයක පෙර සලකුණු ද?

0
4

වයස භේදයකින් තොර ව ඕනෑ ම කෙනෙකුට වැළඳිය හැකි රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයක් වෙන්නේ මුත්‍රා ආශි‍්‍රත රෝග. මුත්‍රා ආශි‍්‍රත රෝග ගණනාවක් තිබෙන අතර විවිධ රෝග විවිධ වූ ආකාරයට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.ඉතින් නිරෝගී ජීවිතයකදී ඔබේ අවබෝධය ඉතාමත් වැදගත් නිසා මේ කරුණු ගැන ඔබ දැන ගත යුතුමයි .

නීරෝගි පුද්ගලයකුට දිනකට පැය 4 -5 කට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනෙනවා.
මුත්‍රා එක දිගට විදීමක් හෝ ගලායාමක් සිදුවිය යුතුයි. එසේ නොවන්නේ නම් එය මුත්‍රා ආශි‍්‍රත රෝගයක මූලාරම්භයක්.

මුත්‍රා ආශ්‍රිත මූලික රෝග ලක්ෂණ….

  • මුත්‍රා කිරීමට අපහසු වීම
  • මුත්‍රා කිරීම තරමක් පමා වී ඇරඹෙන අතර ඇතැම්විට තටමමින් ටික වේලාවකට පසු මුත්‍රා කිරිමට සිදුවෙනවා . සාමාන්‍යයෙන් අවු 45 පසුවන විට මෙවැනි රෝග මතුවිය හැකියි. ඇතැමුන් තැකීමක් නොකළ ද පසුකාලීනව තත්ත්වය ව්‍යාකූල විය හැක.

මුත්‍රා කඩින්කඩ පිටවීම

සාමාන්‍යයෙන් මුත්‍රා ප්‍රවාහය තත්පර 30 -40 කාලයක් තුළදී අවසාන විය යුතුය. ඇතැමුන්ට මුත්‍රා කඩින් කඩ පිටවීම නිසා තත්පර 30 -40 වඩා වැඩි කාලයක් උත්සාහයෙන් මුත්‍රා පිටකළ යුතුව ඇත.

ගිනි වතුර මෙන් දැවිල්ල සහිත මුත්‍රා පිටවීම

තවත් රෝග ලක්ෂණයක් වන්නේ ගිනි වතුර මෙන් මුත්‍රා තද රස්නයට පිටවීමයි. මේ අවස්ථාවේදී මුත්‍රා දැවිල්ලක් ද ඇති වේ. වේදනාවක් සහිතව රතු පාටට මුත්‍රා පිටවන්නේ නම් එය බොහෝදුරට මුත්‍රා ආසාදනයක ලක්ෂණයකි.

මුත්‍රා සමඟ රුධිරය පිටවීම.

මුත්‍රා සමඟ රුධිරය පිටවීම බොහෝ විට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝග ලක්ෂණයක් වෙන්න ට හැකියාව තියෙනවා. විශේෂයෙන් දැවිල්ලක් නොමැතිව මුත්‍රා සමඟ රුධිරය පිටවීම පිළිකාවකට හොඳම උදාහරණයයි.

වයසත් සමඟ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම

මෙවැනි රෝගාබාධ මතුවන්නේ මුත්‍රා කඩින් කඩ පිටවීම වැනි රෝග ලක්ෂණ මතු කරවමිනි. ඇතැම්විට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාමය තත්ත්වය දක්වා ද මෙය පැතිර යා හැක.
කාන්තාවන්ට මුත්‍රා රෝග ඔසප් අවසන් වීමෙන් පසු ඇතැම් කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ හෝර්මෝන අඩුවීම නිසා මුත්‍රා මාර්ගය හැකිලීමට ලක්වීම නිසාය. ඇතැම්විට රුධිරය පවා පිටවිය හැකි අතර එය පිළිකාවක ලක්ෂණයක් ද විය හැක.

මුත්‍රා අඩස්සිය.

මුත්‍රා අඩස්සිය යනු මුත්‍රා පහවීම නැවතීමයි මුත්‍රා කැඩී කැඩී පිටවීමල සෙමින් පිටවීම ආදියට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් මුත්‍රා අඩස්සිය සෑදේ.

දියවැඩියාව

රාත්‍රී කාලයේදී නින්දෙන් අවදි වී වරින් වර මුත්‍රා පිටවීම සිදු වන්නේ නම් එය දියවැඩියා ලක්ෂණයක්.

මේ ආකාරයට මුත්‍රා ආශි‍්‍රත රෝග ගණනාවක් තිබෙන හෙයින් රෝග ලක්ෂණ මතු වූ වහාම හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු මුණ ගැසීම අත්‍යවශ්‍යය.ඒ සඳහා ඔබේ මේ දැනුවත් වීම අනිවාර්යයෙන් අවශ්‍ය යි.

-ඉරේෂා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here