හැමදාම තරුණව ඉන්න හැටි දැනගන්න කැමතිද?

0
4

තරුණව ලස්සනට සිටින්නට කවුද අකමැති? තරුණ බව රැකගන්නට ඔබ කුමන වයසක හිටියත් හැමදාම තරුණව ඉන්න නම් මෙන්න මේ දේවල් කරලා බලන්න.

නිරතුරුවම ධානත්මකව සිතන්න

සිතුවිලි ඉතාමත් බලවත්. අප හිතන පතන ආකාරය අනුව ශරීරයත් වෙනස් වනවා. එනිසා පුළුවන් තරම්  සිත ශක්තිමත්ව තියා ගන්න , හොද සිතුවිලි සිතීමෙන් අපේ ශරීරයත් හැමදාම තරුණව තබා ගත හැකියි.

නිරන්තර ව්‍යායාම කරන්න

ඔබ කුමන වයසක සිටියත් හැමදාම හැකි ලෙස ව්‍යායාම් කරන්න පුරුදු වන්න. එසේ නැති නම් ක්‍රීඩාවක නිරතවන්න . මේ තුලින් පුළුවන්  ශරීරය ලෙඩ රෝග වලින් බේරගෙන නිරෝගිව තියා ගන්න ගමන් වයසට  යන එක ටිකක් ප්‍රමාද කරගන්න.

කට ඇරලා හොදට හිනා වෙන්න

නිරන්තරයෙන් හොදට කට ඇරලා හිනා වෙලා ඉන්න මිනිස්සුන්ගේ ආයුෂ වැඩි අතර බොහෝ කල් තරුණ බවින් ඉන්නත් පුළුවන් බව සමීක්ෂණ රාශියකින් හෙළිව තිබෙනවා.

මානසික ආතතියෙන් මිදෙන්න

නිතරම ඔබේ සිත මානසික ආතතියෙන් මුදවාගෙන පැහැදිලි මනසකින් වැඩ කිරීමෙන් ඔබට හැමදාමත් තරුණ බව රැක ගන්න හැකිය.

පෝෂණයෙන් සපිරි කෑම වේලක් ලබාගන්න

නිතරම ගුණදායි පලතුරු , කොල පාට එළවලු , පලා වර්ග හා මේද රහිත සමබර හා පෝෂ්‍යදැයි  ඔබේ ආහාර එකතු කර ගැනීම මෙන්ම නිසි වේලාවට ආහාර ගැනීම තුලින් ඔබට වැඩි කලක් තරුණ බව රැකගනනට හැකි  වනු ඇත.

තමාගේ බාහිර පෙනුම ගැන  සැලකිල්ලක් දැක්වීම

නිතර සැලූන් නොගියත් ගෙදරදී තමාගේ මුණ හා ශරීරය ලස්සන කර ගන්න කරන්න පුළුවන්. Grooming තුලින් ඔබේ ප්‍රතිරූපය වර්ධනය වී නව පෙනුමක් ලබා දෙයි.

මේ අයුරින් ඔබේ ජීවිතයත් නිසි පිළිවෙතින් පෙලගස්වා ගත හැකි නම් අනිවාර්යයෙන්ම ඔබට හැමදාමත් තරුණව සිටින්නට හැකි වනු ඇත.

– කල්හාරී –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here