මගේ ජීවිතේ මට ඉන්න වැදගත්ම, වටිනාම කෙනා මගේ බිරිඳ”
මේ වගේ කතාවක් ඕනම බිරිඳකගෙ හිතට අරගෙන එන්නෙ සන්තෝසයක්. තමන්ගේ සැමියගෙ ජීවිතේ ඉන්න වටිනාම කෙනා තමන් කියල දැනගන්න එක මොනතරම් නම් ආඩම්බරයක්ද නේද?
ඉතින් මාධ්‍ය ජාලා ගොඩක් එකතු වෙලා ඉන්න Press Conference එකකදි තමන්ගේ බිරිඳ ගැන මෙහෙම කියන්නෙ මුලු ලෝකෙම මිනිස්සු අඳුරන කෙනෙක්.
මම මේ කොළඹ ඉඳන් ලියන ආටිකල් එක රට පුරා ඉන්න ඔයාලා හැමෝම කියවන්නෙත් ඒ මනුස්සයා නිසා.
ඒ තමයි මාක් සකර්බර්ග්. අපි හැමෝම දන්න මුහුණුපොතේ නිමැවුම්කරු.
මාක් සකර්බර්ග් සහ එයාගේ බිරිඳ ප්‍රිසිලා චාන් කියන්නේ ඇත්තටම Power Couple එකක්. මේ අදහස මම නෙවෙයි ලෝකයේ බහුතරයක් දරන අදහසක්. මොනතරම් සල්ලි තිබුණත් ඉතාම සරල විදියට අඳිල පලඳින, සරල ඇවතුම් පැවතුම් රටා තියෙන මේ මාක් – ප්‍රිසිලා ජෝඩුවට හැමෝම ආදරෙයි.
කලින් ලිපිවලත් අපි කතා වෙලා තියෙනවනේ ආදරේ කියන්නෙ මොන තරම් නම් අපූරු, පුදුම හිතෙන් දෙයක්ද කියලා? සැබෑ ආදරය අපි ළඟට එන්නෙ අපි නොහිතන වෙලාවල්වල.
මට නම් ආදරය හමුවුනේ ඔෆිස් එකේදි. ඔයාලටත් ඉස්කෝලෙදි, කැම්පස් එකේදී, එහෙම නැත්තම් යාලුවෙක්ගේ පාටි එකකදි වගේ තමන්ගේ ආදරය, ආදරවන්තයාව මුණ ගැහෙන්න ඇති.
ඔයාලා හිතන්නේ මාක් – ප්‍රිසිලා දෙන්නා හමුවුණේ කොහේදි කියලද?
බාත් රූම් එකකදි.
ඔව්.පොඩ්ඩක් අමුතුයි නේද?
ඒ 2003 අවුරුද්දෙදි.
ඒ වෙද්දි මාක් හාවඩ් විශ්ව විද්‍යාලයේ Freshman කෙනෙක්. විශ්ව විද්‍යාලයේ පැවතුණ සාදයකදි වැසිකිළි පෝළිමේ ඉද්දි තමයි මේ දෙන්නට දෙන්න හම්බුවෙන්නෙ.
“මම එයාව දැක්කෙ මහ අමුතුම කොල්ලෙක් විදියට” චැන් එහෙම කිව්වෙ 2010 දී නිව් යෝකර් වෙත දීපු සම්මුඛ සාකච්චාවකදි.
මැසචුසෙට්ස් වල තදාසන්න ප්‍රදේශයක සංක්‍රමණික දෙමව්පිය යුවලකගේ දරුවෙක් විදියට උස් මහත් වුණ ප්‍රිසිලා තේරුම් ගන්නවා තමන් සහ මාක් අයිති වෙන්නෙ ලෝක දෙකකට බව.
වැසිකිලි පෝළිමේදි සිද්ද වුණ මේ හමුවෙන් පස්සේ මේ දෙන්න Date කරන්න පටන් ගන්නවා. ඒ ගැනත් මාක් මාධ්‍ය හමුවකදි කියනවා මෙන්න මෙහෙම.
“ ඒ වෙද්දිත් මම හිටියේ හාවඩ් එකෙන් අද හරි හෙට හරි ඩ්‍රොප් අවුට් වෙන්න වගේ. ඉතින් මම ප්‍රිසිලට කිව්වා ඔයාට මාව Date කරන්න ඕන නම් ඒක අද ඉඳලම පටන් ගන්න වෙනවා” කියලා.
දෛවයේ සමහර සිදුවීම් වෙන්නෙත්, අපිට එකිනෙකාව හමුවෙන්නේ හරිම අහම්බෙන්. අද වන විට නම් මාක් සකර්බර්ග් ගේ හමුවකට කලින් මොනතරම් පෙර සූදානමක් තිබුනත්, මුලු ජීවිත කාලයටම පවතින්න බලාගෙන ආපු මේ ආදර හමුව නම් හරිම ඉක්මනින් සිද්ද වෙච්ච දෙයක්.
ඉතින් මේ දෙන්න ආදරේ කරන්න පටන් ගන්නවා. තමන් දෙදෙනා අයිතිවෙන්නෙ වෙනස්ම ලෝක දෙකකට බව දෙන්නම තේරුම්ගන්නවා. “එයා හිතන්නෙ පතන්නෙ වෙනස්ම විදියකට බව මට තේරුම් ගියා. හැබැයි මම ඒක එයාගෙන් ඈත්වෙන්න හේතුවක් විදියට දැක්කෙ නැහැ”
පොඩි කාලෙකට පස්සෙ මාක් හාවඩ් එකෙන් ඩ්‍රොප් අවුට් වෙනවා. ඒ Facebook එක පටන් ගන්න.
අපි වගේ වුණානම් හැමදේටම කලින් උපාධිය අරගන්න කියල කියාවිනේ. ඒත් චෑන් නම් මාක් ළඟින් එයාට උපරිම සහයෝගය දුන්නා මාක්ගේ මේ තීරණයට. සමහරවිට ඒ දෙන්නම මේ ගැන හොඳින් කතාබස් කරල තීරණය කරගන්න ඇති.
Facebook එකේ වැඩකටයුතු හරියට කරගන්න මාක් මහන්සි වෙද්දි මාක්ට ප්‍රිසිලා ගැන හොයල බලන්න මග ඇරෙන්නත් ඇති. ඒත් ඒ කාර්‍යබහුලත්වය හරියටම තේරුම් අරගෙන, මාක්ව අත නොඇර ආදරේ සැනසුම්ම සුසුමන් නිරත්තරයෙන්ම මාක්ගේ මහන්සිය නිවන්න එවන්න ප්‍රිසිලා කටයුතු කරා.
මුකුත්ම නැති, කොලේජ් එකෙන් ඩ්‍රොප් අවුට් වුණ මාක් ට ආදරය කරපු ප්‍රිසිලා මාක් ඉතාම ධනවත් ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙද්දිත් ඔහුගේ ළඟින්ම හිටියේ තමන් වගේම තමන්ගේ ආදරයත් වෙනස් වෙන්නෙ නැ කියල පෙන්නමින්. ගිම්හාන කාලයේදී මාක් ගේ ජීවිතේ ලඟ හැම දෙයක්ම දරාගෙන ඉඳපු ප්‍රිසිලා වගේ කෙල්ලෙක්ට මාක් ගේ වසන්ත උද්‍යානයේ පිපෙන්න ඉඩක් ලැබෙන්නම ඕන. එහෙම නේද?
Pediatrician කෙනෙක් වෙන්න ඉගෙන ගත්ත ප්‍රිසිලා තමයි මාක් ව උනන්දු කරේ Facebook ඔස්සේ Organ Donation Promote කරන්න. ඒ 2005 පෙබරවාරි මාසේ ප්‍රිසිලත් මුහුණු පොතට එක්වුණා මුහුණු පොත් සමාජ ජාලයේ පළවෙනි සාමාජිකයන්ගෙන් කෙනෙක් වෙමින්.
තමන්ගේ සහකරු තමන්ට වඩා උගත් වුණත්, ධනවත් වුණත් ඒ වගේම නූගත් වුනත් දුප්පත් වුණත් සැබෑ ආදරේකදි ඒ කරුණු, සාධක රඟපාන්නේ සුලුම සුලු චරිත. එකිනෙකාට වෙනස් මාර්ග දෙකක ගිය මාක් ප්‍රිසිලා දෙන්නත් එකිනෙකාට උදව් කරගත්තේ වෙනස් වූනත් තමන්ට ආවේණික ගමනාන්තයක් දක්වා සාර්තකව යන්න.
ඉතින් මාක් තමන්ගේ වැඩ කටයුතු වලට පහසුවක් වෙන්න කැලිෆෝනියා වලට මාරු වෙද්දි ප්‍රිසිලත් ඒ එක්කම මාක් එක්ක එනවා.එහෙම ආව ප්‍රිසිලා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් ව්දියට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා.
මුහුණු පොතේ නිර්මාතෘ වුනත්, ප්‍රිසිලා ඔහුගේ බිරින්දෑ වුණත් දෙන්නා ගෙවන්නෙ හරිම සරල සාමාන්‍ය අපේ වගේම ජීවිතයක්. ඒ ලස්සන ජීවිතේ ගැන කියවන පින්තූර පොතක් වගේ තමයි ඒ දෙන්නගෙ මුහුණු පොත් ගිණුම්. ඒ දෙන්න ආව අභියෝගාත්මක, ඒත් ශක්තිමත් ආදරණීය ගමනේ ලස්සන මතකයන් ප්‍රිසිලා වගේම මාක් තමන්ගේ මුහුණු පොත් ගිණුමේ ශෙයා කරලා තියෙනවා.
ප්‍රිසිලාගෙ උපාධි උත්සවයෙ දවසෙ ගත්ත පින්තූර, එයාලා ගියපු විනෝද චාරිකා, ඒ දෙන්නගේ ආදරණීය සැමරුම්, දකිද්දි අපිට තේරුම් යනවා ඒ දෙන්නා ගෙවන්නෙත් අපි වගේම සරල ආදරණීය ජීවිතයක් බව.
ප්‍රිසිලා කියන්නෙත් අපි වගේම සාමාන්‍ය හැබැයි Smart ගැහැණියක්.
ආදර සම්බන්ධෙ තිබුණ කාලේ ප්‍රිසිලා මාක්ට පුංචි පුංචි ආදර තහංචිත් දාලා තිබුණලු.
Saru FM Media