සයිබර් අපරාධය සම්බන්ධ විශේෂ විමර්ශන වාර්තාවක් පාර්ලිමේන්තුවට දුන්නා – ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම – Saru News | සිංහල

0
2

සයිබර් අපරාධය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සකස් කළ විශේෂ විමර්ශන වාර්තාවක් පාර්ලිමේන්තුවට භාර දුන් බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වූ සයිබර් අපරාධකරුවන් පිළිබඳ විමර්ශන අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහය ඇතිව සිදු කරන බවද ඔහු පවසයි.

එම මුදල් නැවත අය කර ගැනීමට කළ හැකි සියල්ල සිදු කර ඇති බවද ඔහු සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විදේශයන්ට ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට තාක්ෂණික සහ නීතිමය වශයෙන් උපදෙස් ගැනීමට පත් කර ගනු ලැබූ අන්තර්ජාතික විශේෂඥයන්ගේ සහයද මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

“මේ සොරකම සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් අංශ දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකු ඇතුළු නිලධාරි කමිටුවක් පත් කර, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කොට, හඳුනාගත් අයට නීත්‍යනුකූලව විනය පියවර ගෙන තියෙනවා.

සයිබර් අපරාධය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සකස් කළ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට භාර දුන්නා” යි මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වැඩිදුරටත් පවසයි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here