කොදෙව්වන්ට අතිවිශිෂ්ට ජයක්

0
3

සිම්බාබ්වේ පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (23) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 107ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් සමත් විය.

මුම්බායි හිදී පැවති මෙම තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 254ක ඉලක්කයට පිළිතුරු ලෙස සිම්බාබ්වේ පන්දුවාර 17යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147ක් පමණි.

කොදෙව්වන් රැස්කළ මෙම  254ක ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ 20යි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

එහි වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාව 2007 වසරේ දී කෙන්යාවට එරෙහිව ලකුණු 260ක් රැස්කර තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂිම්රොන් හෙට්මියර් පන්දු 34ක් තුළ හතරේ පහරවල් 7ක් සහ හයේ පහරවල් 7ක් සමඟින් ලකුණු 85ක් රැස්කළේය.

රොව්මන් පවෙල් පන්දු 35ක් තුළ හතරේ පහරවල් 4ක් සහ හයේ පහරවල් 4ක් සමඟින් ලකුණු 59ක් රැස්කළේය.

පන්දු යැවී‍මේදී සිම්බාබ්වේ කණ්ඩායමේ රිචඩ් ගරාවා සහ බෙලෙසින් මුසරබානි කඩුලු 2 බැගින් දවාගත්හ.

මෙම කණ්ඩායම් දෙකම මූලික වටයේ අපරාජිතයන් ලෙස සිටීමත් විශේෂත්වයක් විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here