ආදරවන්තයාට තෑග්ගක් තෝරා ගන්න බැරුව ලත වෙන ගැහැණු ළමයින් වෙනුවෙන්මයි

0
13


උපන්දිනේට, ඇනිවසරි එකකට, ප්‍රොමෝෂන් එකක් වෙනුවෙන් තව නානප්‍රකාර හේතුවලට අපි, ආදරවන්තයාට තෑගි පිරිනමනවා. ඒත් හුඟක් වෙලාවට අපිට තියෙන ගැටළුව ඔහුට ගැළපෙන්නේ මොනවද කියන එකයි.මෙහෙම අමාරුවක වැටිලා ඉන්න ඔබ වෙනුවෙන් තමයි මේ. ඔහුට ගැලපෙන තෑගි ගැන සිම්පල් අයිඩියාස් කිහිපයක්.

ඔෆිස් යන්න එක එක විදියේ ටයි පටි හොයන ඔහුට මේ තෑග්ග අපූරු තෑග්ගක්.  ලස්සන බොක්ස් එකකට අසුරලා ඔබට මෙය පිළිගන්වන්න පුලුවන්.

වාහනයේ යනකොට ෆෝන් එක පේන්න තියාගන්නත් ගූගල් මැප් ක්‍රියාත්මක කරගෙන පාර හොයා ගද්දී ෆෝන් එක හොඳට පේන්නත් මේ තෑග්ග ඔහුට බොහොම උදව් වේවි.

බයික් එකක් තියෙනවා නම් ඔහුට මේ තෑග්ග හරිම අපූරු තෑග්ගක් වෙනවා. ඒ වගේම ලෙදර් ජැකට් එකක් තෑග්ගට එකතු කරන්න පුලුවන් නම්, බයික් එකේ යනකොට ඔහු තවත් කඩවසම් වෙලා පෙනේවි.

ඕනෑම තරුණයෙකු ඉතාම කැමති වෙන හොඳ තෑග්ගක් තමයි මේ. ඔහුගේ අතට ගැළපෙන්නේ මොන වර්ගයේ ඔරලෝසුවක් ද කියලා තීරණය කරන්න පුලුවන් ඔබට. ඒ වගේම smart watch එකක් වුණත් ඔහු ආදරෙන් බාර ගනීවී.

ඔහුව ටිකක් stylish කරන්න මේකත් හොඳ තෑග්ගක්. ඒ වගේම සෞඛ්‍ය අතින් බැලුවමත් අව් කණ්නාඩි ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරන නිසා මේ තෑග්ගත් ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්.

ෆෝන් එකත් එක්කම ඉන්න, ලැප්ටොප් එකට ඔබට වඩා ආදරය කරන ඔහුට මේ දේවල් වගේම තව බොහොමයක් ගැජට් තෑගි දෙන්න ඔබට පුලුවන්. ටිකක් වෙනස් අදහසක් නිසා ඔහු බොහොම කැමති වෙනවා සිකුරුයි.

මේ දේවල් ඇරුණම ඔහු කැමතිම ස්ටයිල් එකේ ඇඳුම්, ජැකට්, ඔහු කැමති වර්ගයේ ස්පෝට්ස් ජර්සියක්, සුවඳ විලවුන්, ලැප්ටොප් බෑග් එකක්, හොඳ වර්ගයේ පෑනක්, ඔහු සංගීතයට ඇලුම් කරනවා නම් ගිටාරයක්, ඔබට තෑග්ග වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන්න පුලුවන් නම් මේ දවස් වල ඔහුගේ සිහිනය වුණු ජංගම දුරකථනය වගේ බොහොමයක් තෑගි තිබෙනවා.

මේ ඕනෑම තෑග්ගක් ලස්සනට අසුරලා ඔහුට ඔබේ හිතේ ඇති ආදරයත් කාඩ් එකක් පිරෙන්න ලියලා දෙන්න අමතක කරන්න එපා

මේ සියල්ලට ම වඩා වැදගත්ම දේ, ඔහු ජීවිතයේ ලබපු ලොකුම තෑග්ග ඔබ, ඔබේ ආදරය. ඒ නිසා ඒ හොඳම තෑග්ග හැමවිටම ඔහුට දෙන්න.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here