රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (12) දිනයේදී පොලීසිය සිදුකළ විශේෂ වැටලීමෙන් සැකකරුවන් 820ක් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතව වැළැක්වීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම මෙම මෙහෙයුමේ අරමුණ වේ.
ඒ අනුව ඊයේ දිනයේදී සිදුකළ මෙම මෙහෙයුමේදී හෙරොයින් සම්බන්ධ වැටලීම් 250ක් සිදුකර ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 331ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධව වැටලීම් 322ක් ද පොලීසිය විසින් සිදුකර ඇති අතර එහිදී අයිස් කිලෝ 2 ග්‍රෑම් 247ක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.
එමෙන්ම ගංජා කිලෝ 25 ග්‍රෑම් 565ක් ද පොලීසිය විසින් මෙහිදී සිය භාරයට ගෙන තිබේ.
එම සම්පූර්ණ වාර්තාව පහතින්,
විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් 29,304ක් පරීක්ෂාවට
මේ අතර අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය කරගනිමින් සිදුකෙරෙන විශේෂ මෙහෙයුම් මගින් ඊයේ දිනයේදී පුද්ගලයින් 29,304ක් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී සැකපිට පුද්ගලයින් 529ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 21ක්ද හඳුනාගෙන තිබේ.
එමෙන්ම මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 263ක්ද විවෘත වරෙන්තුකරුවන් 165ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තවද බීමත් රියදුරන් 321ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 97 දෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම රථවාහන වෙනත් වැරදි සම්බන්ධව පුද්ගලයින් 4,274කට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය මෙම මෙහෙයුමේදී පියවර ගෙන ඇත.
Saru News










