පිටකොටුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් රුපියල් කෝටි දෙකක මුදලක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යද්දී එය අතරමගදී කොල්ලකෑමට ලක්වූ බවට හැඟීයන ලෙස සැලසුම් කර එම මුදල් පැහැරගත් කාන්තාවක ඇතුළු 8 දෙනකු කැලණිය කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පෑලියගොඩ ප්‍රදේශයේදී සැක කටයුතු ත්‍රිරෝද රථයක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී රුපියල් ලක්‍ෂ 30ක මුදලක් සොයාගෙන තිබිණි.
එම මුදල් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී මෙම මුදල් පැහැරගැනීම පිළිබඳ කරුණු අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඊට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවෝ 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් පැහැරගත් මුදල් අතරින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ද සොයා ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කැලණිය පෑලියගොඩ සහ කඩවත, මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
හේමන්ත රන්දුණු
Saru FM Media











