ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියාවක් දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ පහක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් දෙලක්‍ෂ හතළිස් පන්දහසක මුදලක් අත්තිකාරම් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයකු හා ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එකී අල්ලස් අයැදීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගැනීමට කැඳවා තිබූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයකු වන ඉන්දික බණ්ඩාර විජේසුන්දර හා ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වන රුප්පේ ගෙදර මදුෂ දිලිපන ජයසූරිය යන දෙදෙනාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (23 දා) පස්වරු 2.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක
Saru FM Media










