ලොව පුරා මිලියන 190කට අධික කාන්තාවන් සංඛ්‍යාවකට වැලඳෙන ගර්භාෂයෙන් පිටත වර්ධනය වන ආසාදන රෝගයක් වන “එන්ඩොමෙටි්‍රයෝසිස්” රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් ගත යුතු පියවර හා එම රෝගයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලොව පුරා විශේෂඥ වෛද්‍යවරුන් 200කට වැඩි පිරිසක් ලබන නොවැම්බර් 02 හා 03 යන දිනවලදී කොළඹට රැස්වන බව ශ්‍රී ලංකා එන්ඩොමෙටි්‍රයෝසිස් හා ඇඩිනොමයෝසිස් සංගමය පවසයි.
කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ ලබන 02 සහ 03 යන දිනවල පැවැත්වෙන 13වැනි ආසියාතික එන්ඩොමෙටි්‍රයෝසිස් හා ඇඩිනොමයෝසිස් සම්මේලනයට සහභාගී වීම සඳහා අදාළ විශේෂඥයන් පිරිස පැමිණෙන බව ශ්‍රී ලංකා එන්ඩොමෙටි්‍රයෝසිස් හා ඇඩිනොමයෝසිස් සංගමයේ සභාපති මහාචාර්ය හේමන්ත සේනානායක මහතා පැවසීය. මෙම සමුළුවට ලෝකප්‍රකට විශේෂඥයන්, පර්යේෂකයන් හා වෛද්‍යවරුන් සහභාගි වන බවත්, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා රටවල්, රුසියාව, චීනය හා ආසියා – ශාන්තිකර කලාපීය ඇතුළු සියලුම මහාද්වීපවලට අයත් නියෝජිතයන් සහභාගි වන බවත් කොළඹ ජෝෂප් ක්‍රෝසර් නයින්ස්වෙල්ස් රෝහලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය සේනානායක කීවේය. මෙම සමුළුව හේතුවෙන් කොළඹ නගරය නවීන කාන්තා සෞඛ්‍ය පර්යේෂණ හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වන බව ද හෙතම සඳහන් කළේය.
ලොව පුරා කාන්තාවන්ට දැඩි බලපෑම් එල්ල කරන එන්ඩොමෙටි්‍රයෝසිස් රෝගය සම්බන්ධයෙන් මෙරට පාසල් මට්ටමේ සිට කාන්තාවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව මෙහිදී පැවසූ මහාචාර්ය සේනානායක මහතා නිසි අධ්‍යයනයක් සිදු නොවීම නිසා මෙරට තුළ රෝගයට ගොදුරුවූවන් කොපමණ සංඛ්‍යාවක් සිටින්නේ දැයි නිශ්චිතව පැවසීම අසීරු බව සඳහන් කළේය.
“ලොව පුරා සෑම කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුම එන්ඩෝමෙටි්‍රයෝසිස් රෝගයට ගොදුරු වන අතර දරුණු මාසික ඔසප් රුධිර වහනය, දරුණු ඔසප් වේදනාව, සෝණි අපහසුතාවය, මුත්‍රා/මලපහ කිරීමේ වේදනාව මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වලින් කිහිපයකි. මේ අනුව මාසික ඔසප් වේදනාව සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි” ඔහු කීවේය.
ඒමන්ති මාරඹේ
Saru FM Media











