ගෙදරින් එළියට බහිනකොට මාව මරන්න හදනවා

0
3

පොලිස්පති කළුතර පොලිස් අධිකාරි නෝනාට ලිඛිතව දන්වලා
ජගත් විතාන පාර්ලිමේන්තුවේ දී කියයි

නිවසේ සිට එළියට යන විට තමන්ට වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුවනු ඇති බවට පොලිස්පතිවරයා විසින් කළුතර පොලිස් අධිකාරිණිය වෙත දැනුවත් කර ලිපියක් එවා ඇතැයි කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24දා) සඳහන් කළේය. එහිදී මතු වූ සංවාදය පහත පරිදිය.

ජගත් විතාන මහතා- පොලිස්පතිතුමාගෙන් ලිපියක් ඇවිත් තිබෙනවා කළුතර නියෝජ්‍ය පොලිස්පතිතුමිය වෙත. එහි කියන්නේ මම ගෙදරින් එළියට යනවිට මාව ඝාතනය කිරීම සඳහා යම් පුද්ගලයෙක්ගේ නම සහිතව යම් කටයුත්තක් වෙන බවයි. මේ ගැන විමර්ශනයක් කරන්න කියලා, ඒ ගැන වාර්තාවක් ඇවිත් තිබෙනවා. කෙළින්ම පොලිස්පතිතුමා කියන්නේ මාව වෙඩි තබා මරනවා කියලා. මම මේ ලිපිය සභාගත කරන්නම්, මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගන්න කියලා මම ඉල්ලනවා.

නියෝජ්‍ය කථානායක- මම මේ ගැන කථානායක දැනුවත් කරන්නම්.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා-

මෙය බරපතල කාරණාවක්. මේ සභාවේ සිටින විපක්ෂ මන්ත්‍රීවරයකුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ආරක්ෂව ඉල්ලා තිබෙද්දී තමයි ඔහු වෙඩි තබා ඝාතනය කළේ. දැන් මෙම මන්ත්‍රීවරයාට සහ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් නෑ. මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව දෙන්න, මේ ප්‍රශ්නය බොහෝ මන්ත්‍රීවරුන්ට තිබෙනවා. ජීවිතයක් නැතිවුණාට පසුව අවධානය දක්වලා වැඩක් නෑ.

නියෝජ්‍ය කථානායක – ඒ ලිපිය සභාගත කරන්න.

ජගත් විතාන මහතා- ඒ ලිපිය මට ඊයේ තමයි ලැබුණේ. මම අද සභාගත කරනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here